19/10/2026
දියමන්ති නොවන දියමන්ති - මාතර දියමන්ති💎
# # # තෝර (Zircon) කියන්නේ මොකක්ද?
ගොඩක් අය හිතන්නේ තෝර කියන්නේ ලාබ ගලක් කියලා. නෑ. High-Quality Natural Zircon කියන්නේ ලෝකයේ වටිනාම මැණික් වලින් එකක්. Diamond එකට ආසන්නම දීප්තිය (Luster) සහ විසිරුම (Fire) තියෙන්නේ Zircon වලට තමයි.
*Scientific Name:* Zirconium Silicate
# # # ලංකාවේ හමුවෙන තෝර වර්ග
ලංකාවේ ප්රධාන වර්ග 3ක් හමුවෙනවා:
*1. සුදු තෝර (White / Colorless Zircon)*
මේකට තමයි කලින් "මාතර දියමන්තිය" කිව්වේ. ඇස් කඩන් යන්න දිලිසෙනවා. Diamond එක වෙනුවටත් Jewellery වලට දාන්නේ මේක.
*2. රතු තෝර / ගෝමේද තෝර / ගිනිබොකු තෝර
තැඹිලි පාට, රතු දුඹුරු පාට. ගොඩක්ම ප්රසිද්ධ වර්ගය. රත්නපුරෙන් වැඩිපුර හමුවෙනවා.
*3. කහ, කොළ, නිල් තෝර (Yellow, Green, Blue Zircon)*
නිල් පාට තෝර (Blue Zircon) කියන්නේ ලංකාවේ Natural එකෙන්ම හමුවෙන්නේ ගොඩක් අඩුවෙන්. ගොඩක් Blue Zircon හදන්නේ දුඹුරු තෝර Burn කරලා (Heat Treatment).
# # # තෝර වල විශේෂ ගුණ
- *Double Refraction:* Loupe එකෙන් බැලුවම පිටිපස්සේ Facet එක දෙකක් වෙලා පේනවා. මේකෙන් තමයි නියම තෝරද කියලා අඳුරගන්නේ.
- *තද බව (Hardness):* 7.5යි. ඒ හින්දා දවස පුරා අඳින මුදු වලට හොඳයි.
- *Brittle ගතිය:* පොඩ්ඩක් බිඳෙන්න පුළුවන්. කපනකොට ගොඩක් පරිස්සමින් කපන්න ඕන.
#මැණික් #තෝර #ජාගුන් #රත්නපුර