11/09/2026
ගලක් අතට ගත්තම ලස්සනට පේන එක එක දෙයක්…
ඒ ගලේ තියෙන ලස්සන හරියටම එළියට ගන්න එක තවත් දෙයක්.
මේ තියෙන්නේ Citrine ගලක්.
Rough එකේ ඉඳන් cutting, polishing කරලා අවසානයේ ලැබෙන නිමාව දක්වා මේ Reel එකෙන් බලාගන්න පුළුවන්.
මැණික් වැඩ කරන කෙනෙක් විදිහට අපි දන්න දෙයක් තමයි, හැම ගලක්ම එක වගේ නෙවෙයි කියන එක. ගලක් cut කරන්න කලින් ඒ ගලේ වර්ණය, clarity, shape එක, inclusions සහ ගලේ nature එක හොඳට බලන්න ඕනේ.
ඒක බලන්නේ නැතුව නිකන් cut කරලා බර තියාගන්න පුළුවන්. හැබැයි ගලේ තියෙන ලස්සන, brilliance එක සහ colour එක හරියට එළියට ගන්න නම් ගලට ගැළපෙන cut එකක් තෝරගන්න ඕනේ.
අන්තිමට අපි බලාපොරොත්තු වෙන්නේ ගලේ බර විතරක් නෙවෙයි…
ගල අතට ගත්තම “මේක ලස්සනයි” කියලා පේන result එකක්.
ගලේ තියෙන ලස්සන අපිට පේන විදිහට එළියට ගන්න එක තමයි අපේ වැඩේ. ❤️