25/12/2024
ඉස්කෝලෙ යන්න පටන් ගත්තු කාලේ ප්‍රියා සූරියසේන කියන්නෙ කංකරච්චලයක් වෙලා තිබුනා. ස්කූල් වෑන් එකේ උදේ හවස ප්ලේ වුනේ ප්‍රියා සහ සන්ෆ්ලවර්. එපා වුන නොතේරුන ප්‍රියාව නිරායාසයෙන්ම ඊලඟට ප්ලේ වෙන්න ගන්නවා ස්කූල් ට්‍රිප්වල. කොල්ලන්ට ලිරික්ස් නතින්ග්.
ඉස්කොලේ යුනිෆෝම් එක කාලෙදිම ගිටාර් එක අතට ගන්නවා. ප්‍රියාව අහුවෙන්න ගන්නවා. අහුවුනාට මොකද ප්‍රියාව රීඩ් වෙන්නෑ.
තවත් කාලයක් ගියාම වීදුරුව අතට ගන්නවා...
ප්‍රියාව රීඩ් වෙනවා.
තවත් ටික කාලයක් යනවා...
සෙට් වීම් වලදි ප්‍රියාව පත්තියන් වෙනවා.
ආවොත් යන්නම වෙනවා... ප්‍රියා ගිහින්. ප්‍රියා ගියාට සෙට් වීම් තියෙන තාක් ප්‍රියා ඉන්නවා. තව ජෙන්ස් කිහිපයක් ප්‍රියාට කල් තියෙනවා. ෆ්‍රෙට් බෝඩ් එකේ ඇඟිලි දුවනකන් ඈත රන් විමන්වල ලීඩ් පාට් එක ප්ලේ වෙයි.
ගෑනු ළමයි ඇවිත් බදා ගත්තේ නැති උනාට, රොසමල් දුන්නේ නැති උනාට ප්‍රියා සූරියසේන කියන්නේ තාරුණ්‍යයේ සංකේතයක්...❤
සින්දු කියන සින්දු ඇහෙන ඕනම තැනක, මගුලක, පාටියක,පැදුරක, බස් එකක, සෙට්වෙලා බොන තැනක, මැච් එකක, සංගීතෙක, ඉන්ඩෝ කොන්සර්ට් එකක
ප්‍රියා සූරියසේන ස්ටේජ් එකේ හිටියා.
ජිල්ලබකිටියාවෙ බූලිවිජේගෙ කසිප්පු පොට් එකේ ඉඳලා, ෂැංග්‍රිලා එකේ වෙඩින් එකක වෙනකන් වෙනසක් නැතුව ප්‍රියා සූරියසේන හිටියා.
ජීවිතේ එක එක තැන්,එක එක සිද්දි හඬකින් විස්තර කරන්න කිව්වොත් ඒ බොහෝ තැන්වල ප්‍රියා සූරියසේනගෙ සද්දෙ තියනවා. ස්කූල් බස් එකේ සද්දෙ වගේ.
ලව් එකක් නැතිවෙලා ඇඬිලා,
මතු අප උපදින භවයේ
යලි හමුවේවා
ඔය නෙතු අග සිසිල දැනී
මට ළංවේවා
අහද්දි,
පාටියක හොඳටම බීලා
අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණී වහා....
කියලා කෑගහලා නැටුවා.
ප්‍රබුද්ද, පීචං, සුපර් ස්ටාර් ආදී කිසිම කැටගරියක ප්‍රියා සූරියසේන හිටියෙ නෑ. ඒ හින්දම ප්‍රියා සූරියසේනව නමෙන් කාටවත් ගාණක් තිබුණෙ නෑ.
සම්මාන ඉවෙන්ට් එක දැක්කම මතක් වුණේ දෙයියනේ මේ මනුස්සයගෙ සද්දෙ අපේ ජීවිතේ මතක තියාගෙන ඉන්න වීඩියෝ මෙමරිවල ඕඩියෝ ට්‍රැක් එක විදිහට කී තැනක ඉන්නවද කියලා. අදයි මේ ගැන ලියන්න වෙලාවක් හම්බුණේ.
ප්‍රියා සූරියසේන කියන්නෙ හුළඟක් වගේ මනුස්සයෙක්. හුළඟ හැමවෙලාව අපි වටේ තියනවා. අපි හුස්ම ගන්නවා. දැනෙනවා. නමුත් ආනේ හුළඟ තියනවා නේද කියලා අපි නිතරම කියන්නෙ නෑ. මීටර් වෙන්නෙ නෑ. දැනෙන්නෙ නෑ.
නමුත් 60 ගණංවල වෑර්ලස් පරම්පරාවල ඉඳලා AI ස්පොටිෆයි ජෙනරේෂන් එක වෙනකන් තාමත් ප්‍රියා සූරියසේන අපි වටේ හුළඟක් විදිහට හමනවා. ප්‍රියා සූරියසේනගෙ සද්දෙ අපේ ජීවිත චිත්‍රපටියේ තැන් තැන්වල බැග්‍රවුන්ඩ් මියුසික් එක විදිහට රෙකෝඩ් වෙනවා. ඉස්සරහටත් අපිට ඒ සද්දෙන් ගැලවෙන්න ලැබෙන එකක් නෑ. ප්‍රියා කවදාවත් නොමැරෙන නොමැකෙන සදාකාලික බ්රෑන්ඩ් එකක්....
සඳ තාරකා හඬාවී කළු මීදුමෙන් එහා..
ඔබ හා ගෙවු අතීතේ මතකේ ලියා තියා.. 🤍
පාසල නිමවී යන යොවුන් කුමරියන් සමඟ
එකම වීදියේ දෙතුන් වතාවක්
ඇසුරෙන් මිදී
සැමරුම් පොතේ රෝස පිටු අතර
මෙසේ ලියා
ඈත රන් විමනක සැගවී ගිය
ආදර ප්‍රියා,
මතු අප උපදින භවයේ
යළි හමුවේවා... ❤️🩹
ඔහු නිවේවා! 🥺🤍🙏🏼
1944 - ♾️