GG fashion

Call Contact the business

GG fashion life styles.

16/06/2026

අවංක බැතිමතුන්ට අසීමිත ආදරය, කරුණාව, ලබාදෙන ගණ දෙවිඳු ඔවුන්ගේ යහපත් ඉල්ලීම් සියල්ල ඉෂ්ට කරදෙයි. ගණ දෙවිඳුගේ පියා ලෙස ඉසුරු හෙවත් ශිව දෙවිඳුද මව පාර්වතී දේවිය හෙවත් උමයංගනා දේවියද වන අතර ස්කන්ධ කුමරු හෙවත් කතරගම දෙවිඳු සොහොයුරාය. විනෝදයට ප්‍රිය ඉතා මිත්‍රශීලී ගණ දෙවිඳුන්ගේ මූර්තිය හස්ති හිසක් හා මිනිස් ශරීරයකින් අඹා ඇත.

ගණ දෙවි උපත

ගණ දෙවි උප්පත්ති කතාව එක් එක් ග්‍රන්ථවල විවිධ ආකාරයට රචනා වුවද ඒ සියල්ල ඉතා රසබර කතාය. හින්දු දේව පුරාණයට අනුව ගණ දෙවිඳුගේ මෑණියන් වන පාර්වතී දේවිය ළදරු ගණ දෙවි රුව මැටියෙන් අඹා පසුව එම දේව මූර්තියට ජීවය කැවූ බව සඳහන් වේ.

ගණ දෙවිඳුන්ට ඇත් හිසක් ලැබූ හැටි

ගණ දෙවියන්ගේ සොහොයුරු වූ ස්කන්ධ කුමරු වල්ලි මාතාවට ආලය කළද වල්ලි කුමරිය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. ගණ දෙවිඳුගේ සොහොයුරු වූ කතරගම දෙවිඳු මේ වන විට වාසය කළේ කතරගම වැඩිහිටි කන්දේය. වල්ලි කුමරිය ඉතා රූමත් කුමරියකි. ඇගේ ආලය ලබා ගැනීමට සිදුවූ දෙය කතරගම දෙවිඳු ගණ දෙවිඳුට කීවේය. මෙයට උපායක් කල්පනා කළ ගණ දෙවිඳු වල්ලි කුමරිය පෙන්වන ලෙස කතරගම දෙවිඳුට කිව්වේය. ඇල්හේනේ සිටි වල්ලි කුමරිය අද්භූත සත්ත්වයෙක් දැක බියට පත්ව කෑ ගසාගෙන විත් ඇල්හේන අසල සිටි කතරගම දෙවිඳුගේ උදවු පැතීය. ඇය ආරක්ෂාකාරී තැනක තැබූ ස්කන්ධ කුමරු අද්භූත සතා බැලීමට ඇල්හේනට ගිය විට ඇත් හිසක් හා මිනිස් සිරුරක් සහිතව සිටි තම සොහොයුරාව හඳුනාගත හැකි විය. ගණ දෙවිඳුගේ නුවණ ගැන කතරගම දෙවිඳු මහත් සතුටට පත්වූයේය. වල්ලි කුමරිය කතරගම දෙවිඳුට කැමැත්ත ප්‍රකාශ කළද ගණ දෙවිඳුට නැවත යථා ස්වරූපය පත්වීමට නොහැකි විය. එතැන් සිට ගණ දෙවිඳුගේ රුව ඇත් මුහුණක් හා මිනිස් ශරීරයක් වී ඇත.

ගණ දෙවියන් හඳුන්වන විවිධ නම්

1. ගණපති 2. සිත්තිධානා 3. විනයාගර් 4. ගජකරණාගන් 5. ඝන දීපන් 6. පුල්ලෙයාර් සාමි 7. ගණේෂ 8. බාලචන්ද්‍ර

ගණපති ස්වරූප 18

1. බාල ගනේෂ 2. වීර ගනේෂ 3. ශක්ති ගනේෂ 4. මහා ගනේෂ 5. සිද්ධි ගනේෂ 6. වල්භ ගනේෂ 7. ධරණි ගනේෂ 8. හේරම්භ ගනේෂ 9. සත්‍ය ගනේෂ 10. බුද්ධි ගනේෂ 11. නෘත්‍ය ගනේෂ 12. චණ්ඩි ගනේෂ 13. භක්ති ගනේෂ 14. කාල ගනේෂ 15. ලක්ෂ්මී ගනේෂ 16. ස්කන්ධ ගනේෂ 17. විද්‍යා ගනේෂ 18. භද්‍ර ගනේෂ

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය. තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවල ගණදෙවි වන්දනාව බෙහෙවින් ප්‍රචලිතය. අප ජන සමාජයේ ගණ දෙවි වන්දනාව බෙහෙවින්ම සිදු කරන්නේ අධ්‍යාපනය මුල් කරගෙනය. එහෙත් ගණ දෙවි වන්දනාව තුළින් ආදරය, විවාහය සම්බන්ධව, අමනුෂ්‍ය දෝෂ නැතිකර ගැනීම, රැකීරක්ෂා උසස් කර ගැනීම, ව්‍යාපාර දියණු කර ගැනීම, ආදායම් වැඩිකර ගැනීම මෙන්ම සිතේ සැනසීම, පී්‍රතිමත් බව ආදී ප්‍රාර්ථනාද ඉෂ්ට කරගත හැකිය.

කොහොමද ගණ දෙවියන් වන්දනා කිරීමට පූජාසනය සකස් කරගන්නේ

ඔබ වාසය කරන නිවෙසේදී හෝ ගණ දෙවියන් වැඩ සිටින කෝවිලකදී පූජාව තබීමට හැකිය. නිවෙස තුළ පූජාව ආරම්භ කරන්නේ නම් මුළු නිවෙසම පවිත්‍ර කර ගණ දෙවි පිළිමය තැබීමට පූජාසනයක් සකස් කර ගත යුතුවේ. පිරිසුදු ඉඩකඩ ඇති උස් ස්ථානයක් තෝරාගත යුතුය. මෙම ස්ථානය බුදුන් වඳින ස්ථානයේ බුදු පිළිමයට මඳක් පහතින් තිබිය යුතුය. පළමුව ඔබ කැමැති ගණ දෙවි මූර්තියක් තෝරාගෙන පූජාසනය මත තබන්න. කැමැති නම් පිළිමයට සළුවක් ඇන්දවිය හැකිය. පිළිමය ඉදිරියෙන් පහනක්, මල් තැබීමට පීරිසියක්, කැවිලි තැබීමට සුදුසු බඳුනක් හා හඳුන්කූරු දැල්වීමටද රඳවනයක් තබන්න. දැන් ඔබේ පූජාසනය සකස් වී හමාරය.

ගණ දෙවි පූජාව

1. පොල්තෙල් පහනක් 2. පිච්ච මල්, දාස්පෙතියා, සපත්තු මල් හෝ පිදීමට ගන්නා රතු මල් 3. පැණි රස කෑම වර්ගයක් (ලඩ්ඩු, සූකිරි, රටඉඳි, කිරිටොෆි…) 4. පිච්ච මල් මාලයක් 5. සුවඳ හඳුන්කූරක් හෝ දෙකක්

පූජාව තබන ආකාරය

මුළු නිවෙසම පිරිසුදු කර ඔබද පිරිසුදු වී, පිරිසුදු ඇඳුම් ඇඳ පූජාව තබන්න. පූජාසනයද පිරිසුදු කරගන්න. පළමුව පිච්ච මල් මාලය, ගණ දෙවිඳුට පලඳවන්න. පසුව පහන දල්වා මල්ද , කැවිලි හා හඳුන්කූරුද පුදන්න.

ඔබ පූජාව තබන විට ගණ දෙවියන්ට අසීමිත ආදර භක්තියකින් පූජාව තබන්න. අවංක ගුණගරුක බැතිමතුන්ට ගණ දෙවියන් ආදරය කරුණාව ඉක්මනින් ලබාදෙනවා. මඳ වේලාවක් ගණ දෙවි පිළිමය දෙස බලා සිට පහත සඳහන් මන්ත්‍ර ගායනා කරමින් ගණ දෙවියන්ට ආරාධනා කර පූජාව පිළිගන්නා ලෙසත් ඔබේ ජීවිතේ ඇති කම්කටොලු, බාධක, දුක, ගණ දෙවියන් ඉදිරියේ කියා සිටින්න. ටිකෙන් ටික ඔබේ ජීවිතයේ දුක නැති වී සතුට පැමිණෙන බව ඔබට අත්විඳින්න හැකිවේවි.

අවධානයට ගත යුතු දේ

1. බුදු පහන තැබීමෙන් පසුව ගණ දෙවියන් වන්දනා කරන්න. 2. ඉක්මනින් ධනය ලබාගන්න, අරමුණින් නොසැලකිලිමත්ව පූජාව නොතබන්න. 3. පූජාව අවසානයේ පූජාසනය මත තැබූ කැවිලි ඔබත් නිවෙසේ අනෙක් අයද ආහාරයට ගන්න.

ගණ දෙවියන් වන්දනා කරන මන්ත්‍ර

ආරාධනා මන්ත්‍රය

ඕම් ශ්‍රීම් හ්රීම් ක්ලීම් ග්ලොම් ගම් ගණපතයේ වරවරද සර්වජනම් මේ වසමානයේ ස්වාහා

වක්‍ර තුන්දා මහා කායා සූර්ය කෝටි සමප්‍රභා… නිර්විග්‍රහනම් කුරු මේ දේවා සර්වකාරීයේසු සර්වදා.

තව බොහෝ ගණ දෙවි මන්ත්‍ර ඇත. ගණ දෙවි වන්දනාවේදී ඔබ ඉගෙන ගත් අලුත් මන්ත්‍ර මිහිරි හ¾ඩින් ගායනා කරන්න.

තවද ආසිරි වනිගරත්න මහතාගේ ගනේෂා 108 පොත තුළින් භාවනා ප්‍රශංසාව හා මන්තර ප්‍රශංසාව ඉගෙන ගත හැකිය.

දිනපතා ගායනා කිරීමට ගණපති නාමාවලිය

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්ඩලි මණ්ඩල ගණපති ඕම්

මූෂික වාහන ගණපති ඕම්

මූලක් ප්‍රාවන ගණපති ඕම්

මාසුර දේසිත ගණපති ඕම්

වල්ලභ මෝහන ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්ඩලි මංඩල ගණපති ඕම්

විග්න විණායක ගණපති ඕම්

විගසිත නග්මුග ගණපති ඕම්

උත්තර තෙප්යාබල ගණපති ඕම්

උත්තුව නාදන ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්ඩලි මණ්ඩල ගණපති ඕම්

පාර්වතී පාරථි ගණපති ඕම්

පරම සිව ඥාන ගණපති ඕම්

පූර්ව විරාදර ගණපති ඕම්

පුවන පුරන්දර ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්ඩලි මංඩල ගණපති ඕම්

සුද්ද සදා සිව ගණපති ඕම්

සුන්දර කුන්ජර ගණපති ඕම්

නෙත්තිය තන්තුව ගණපති ඕම්

නිර්මල සින්දය ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්ඩලි මංඩල ගණපති ඕම්

දෙවියන් සිටිය යුත්තේ පන්සලේ, කෝවිලේ පූජාසන මත නොව බැතිමතුන්ගේ සිත තුළය. ඔබ දෙවියන්ව විශ්වාස කරන තරමට ඔබට පිහිට ආශීර්වාදය ලැබේ.

ඔබට ගණ දෙවි පිහිට ලැබේවා!

මෙම ලිපිය සකස් කිරීමේදී මා දන්නා තොරතුරු හා විවිධ ලිපි හා ග්‍රන්ථවලින් තොරතුරු ලබා ගත්තෙමි.

මධුෂිකා පරගස්තොට

15/06/2026

පත්තිනි මැණියන් ගැන කතා වස්තුව ඔයාලා දැනටමත් අහලා ඇතිනේ……. පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කථාව පිලිබද මත කීපයක් සමාජයේ පවතිනවා…. තමාගේ බල සම්පන්න කම ගැන උදම්වූ පඬි රජුගේ විනාෂකාරි ක්‍රියා නැවත්වීම සඳහා ශක්‍රයාගේ ආරාධනයෙන් මනු ලොව උප්පත්තියක් ලැබූ බලවත් යෝගි වරියක් ලෙසද, ඇය අඹයක් තුලින් බිහිවූ බවද පොත පතේ සඳහන් වෙනවා… දැඩි පතිවතක් රැක්කවූ ඇය කන්නගී නමින් සමහර පොත පතේ සඳහන් වන අතර එතුමියගේ සැමියා සමහර පොත් වල කෝවලන් ලෙසත් සමහර පොත් වල පලඟ ලෙසත් සඳහන් වෙනවා.

ඇය දැඩි පතිවෘත තාවක් රැක්කද ඇගේ සැමියාගේ නොමනා ක්‍රියා (කාමය වරදවා හැසිරීම ,සූදුව) නිසා ඔවුන් ඉතා දුප්පත් වන අතර ඇය සතු වූ රන් සලඹවත් විකුනා යම් මුදලක් සොයා එන ලෙස සැමියාව පිටත් කල අවස්ථාවේ පඬි රජුගේ බිසවගේ නැතිවූ පාසලඹ යැයි බොරු සැකයක් මත කෝවලන්ව මරා දමනවා, සැමියාගේ ප්‍රමාදය නිසා සැමියා සොයා එන විට ඔහු මරා දැමු පුවත සැලවී දැඩි ශෝකයට පත්වන ඇය සිය වම් පියයුර කඩා පොළොවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනි ගනීවා කියමින් ශාප කර තිබෙනවා…. පෙර ආත්මයේ ධ්‍යාන ලත් යෝගි වරියක වු ඇයගේ මේ සාපය නිසා පඬි නුවර ගිනිබත් වෙලා පඬි රජු මිය යනවා..

එම ශාප කිරිමේ දී දරුවන්, ගැබිනියන්, සතුන් බේරාදෙන ලෙස ප්‍රාර්ථනාවක් ද කල බවත් සදහන්…. ඒ අනුව මධුරාපුරයම ගිනි ගන්නා විට දී රජු විසින් කන්නගිගෙන් මෙම ගින්න නිවා දමන ලෙස ඉල්ලීමක් කළ බව සඳහන් වෙනවා… නැවුම් එළදෙනකුගේ නැවුම් කිරි ගෙන කිරි උතුරවා මුළු මධුරාපුරයේ ම ඉසීම හේතුවෙන් ගින්න මැඩ පැවැත් වූ බවත් මෙි කතාවල සදහන්…. නව නිවසකට යෑමේ දී කිරි ඉතිරවීම, නිවසකට මුල් ගලක් තබන විට දී කිරි ඉතිරවීම, නව අවුරුදු උදාව ලබන විටදි කිරි ඉතිරවීම අදටත් අපේ රටෙි පැවැත්වෙන්නේත් එ නිසාම විය හැකියි….

ඉතිං පත්තිනි මෑණියන්ගේ උපත මෙහෙම සිදුවු අතර පසුව තිසරන සරණ ගොස් ඇති බවත් බුද්ධත්වය සඳහා පිරිමි ආතමයක් ප්‍රාර්ථනා කරමින් තමා වෙතට එන අයට සෙත සලසන බවත් සඳහන් වෙනවා….. බොහො අය පත්තිනි මැණියන්ගෙ මෙි කතාව අසා ඇතුවාට සැක නැ… එ නිසයි කතාව මම මෙහි කෙටියෙන් සදහන් කලේ….

මෙම දේවිය සත්වාරයක්‌ උපන් නිසා සත් පත්තිනි ලෙසත්, දොළොස්‌ වාරයක්‌ උපන් හෙයින් දොළොස්‌ පත්තිනි ලෙසටත් හැදින්වෙනවා….. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි යනුවෙන් නම් හතක් තිබෙන්නේ එ නිසයි…. දෙමටමලෙන්, ගින්නෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, දළයෙන්, උපන් බව ද පැරණි ජන කතාවලින් කියැවෙනවා…

දමිළ ජනයාත් සිංහල ජනයාත් පත්තිනි මැණියන්ට පුද පුජා පවත්වන විදි වෙනස්.. දියණියක් මල්වරවු විට බෞද්ධ අය නමි මුල්න්ම කරන්නේ පත්තිනි මැණියන්ට බාර වෙලා පඩුරක් අයින් කරන එක… වැඩිවියට පත්වු දියණියව තුන් මසකින් පළතුරු වටිටියක් හො වෙනත් දෙයක් රැගෙන පත්තිනි දේවාලයට පැමිණෙන බවට බාර වෙන්නේ මල්වර නැකතේ දොස් පත්තිනි දේව ආරක්ෂාවෙන් දුරු වන බවට ඇති විස්වාසයක් නිසා… එ වගේම තමයි දියණියක් මල්වරවු විට ඇය මාතෘත්වයට සුදුසු නිසාම ඇයට ඇතිවන අපල උපද්‍රවයන් පමණක් නෙවෙයි අමනුෂ්‍ය බලපෑමි පවා පත්තිනි මැණියන්ගෙ ආරක්ෂාවෙන් දුරුවී ඇය මවක් වන තෙක්ම පත්තිනි මැණියන්ගෙ ආරක්ෂාව දෙමව්පියන් අපේක්ෂා කරනවා… එ නිසාමයි දරුවෙකු පිලිසිදගත් මොහොතේ පටන් දරුවා බිහිවන තුරුත් පත්තිනි මැණියන්ට පඩුරක් වෙන් කර බාරහාර වෙන්නේ…

පත්තනි මෑණියන් වෙනුවෙන් අපේ රටෙි ප්‍රධාන දේවාලය වන්නේ නවගමුව පත්තිනි දේවාලය……. මෙි දේවාලයට අමතරව ලංකාවේ විවිධ වු ස්ථානවල පත්තිනි දේවාල දැකිය හැකියි…… පත්තිනි මෑණියන් ගැන සඳහන් කරන විට දී ක්‍රි.ව 02 වැනි සියවසේ මෙරට රජ කළ ගජබා රජතුමා දකුණු ඉන්දියාවට ගොස් තම පියා වු වංකනාශීක තිස්ස රජුගේ කාලයේ දී දකුණු ඉන්දියාවේ රජකළ කරිකාලන් නමැති නපුරු රජෙක් මෙරටට පැමිණ මෙරටින් වහලුන් ලෙස රැගෙන ගිය මිනිසුන් 12000ත් එම පිරිසට හිලව් ලෙස තවත් 12000ක පිරිසකුත් සමඟ මෙරටට එන ගමනේ දී එවකට එරට රජකළ සෙන්ගුත්තවාන් රජ පිරිනැමූ පත්තිනි දෙවියන්ගේ පා සළඹ ද වෙනත් දෙවිවරුන්ගේ රන් ආභරණ ද රැගෙන පැමිණිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා….

මෙම පුවත පූජාවලිය, පැරකුම්බා සිරිත, වැනි මෙරට ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රයන් හි සඳහන් වෙනවා

🎶🎶🎶🎶🎶
13/06/2026

🎶🎶🎶🎶🎶

කවුද මේ කාලි මෑණියෝ කියන්නේ  ? කාලි මෑණියෝ කියලා අප හඳුන්වන්නේ ඊශ්වර දෙවියන්ගේ භාර්යාව වන උමයංගන පාර්වතී කියන මේ මෑණියන්...
12/06/2026

කවුද මේ කාලි මෑණියෝ කියන්නේ ?

කාලි මෑණියෝ කියලා අප හඳුන්වන්නේ ඊශ්වර දෙවියන්ගේ භාර්යාව වන උමයංගන පාර්වතී කියන මේ මෑණියන්ගේ එක් අවතාරයක් තමයි කාලි මෑණියෝ කියලා අප හඳුන්වන්නේ. මේ කාලි මෑණියෝ ගැන කියන විට ඊශ්වර දෙවි හාමුදුරුවෝ හිමාල පර්වත රාජයා ඒ කියන්නේ මේනා කියන දේවියගේ දියණිය තමයි පාර්වතී කියලා කියන්නේ. පාර්වතීගේ එක අවතාරයක් තමයි කාලි මෑණියෝ කියලා කියන්නේ. එතකොට පත්තිනි මෑණියෝ, ලක්ෂ්මි මෑණියෝ මේ වගේ දිවියංගනා වන්ගේ නාමය දරන්නේ පාර්වතී කියන දෙවියන්ගෙන් තමයි පැවතෙන්නේ. මේ කියන සියලුම මෑණිවරු එහෙම නැති නම් අම්මාවරු කියන අය අන්න එතනදී එකක් තමයි කාලමෑණියෝ කියලා හඳුන්වන්නේ. කාලි මැණියන් හඳුන්වනවා මව් දෙවඟන කියලත්.

එතකොට මේ කියන සියලුම මෑණිවරු පැවතෙන්නේ පාර්වතී දේවියන්ගෙන්ද?

පාර්වතී දෙවියන්ගේ අවතාරවලින් තමයි මේ සියලු මෑණිවරු පැවතෙන්නේ. පාර්වතී දේවියට අවතාර 16ක් තිබෙනවා කියලා සඳහන් වෙනවා. අන්න ඒ අවතාරවලින් එකක් තමයි කාලි මෑණියෝ කියලා අප හඳුන්වන්නේ. කාලි කියලා කියන්නේ කෙනෙකු දුකට පත්වුණාම ඒ කියන්නේ හිමාලයේ පාර්වතී දෙවියන්ගෙන් දුකට පත්වූ කෙනෙකු පිහිට පැතුවා. මේ දුකට පිහිට වෙන්න මව් දෙවඟන කියලා හඳුන් වූවා කාලි කියලා. කාලි රාක්ෂණියේක එහෙමත් නැතිනම් කාලි යක්ෂණිය කියලා තමයි එතනින් පස්සේ හඳුන්වනු ලැබුවේ.

කොහොමද මේ උතුම් මෑණියෝ යක්ෂණියක් වුණේ?

ඒකනේ මම මුලින් සඳහන් කළේ දාසය අවතාරයක් තිබෙනවා කියලා. ඒ දාසය අවතාරවලින් එක්ක තමයි කාලි රාක්ෂණිය කියලා කියන්නේ. ඊශ්වර දෙවිහාමුදුරුවොත් මේ ලෝකෙට ඇවිල්ලා තුන් ඇහෙන් බලන කොට ගිනි දැන් පිටවුණා කියලා කථාවක් තිබෙනවානේ. ඉතින් ඊශ්වර දෙවියන්ගේ භාර්්‍යාවටත් එවැවනි බලයක් තිබෙනවා. ඊශ්වර දෙවියන් භාවනා කරන්න යන කොට එය වැළැක්වූවා පාර්වතී දේවිය. ඊට පෙස්සේ උමා කියලා හැඳින්වූවා. අන්න ඊට පස්සේ උමා, පාර්වතී කියන නාමයන්ගෙන් තමා මේ කාලි මෑණියන් කියන තත්ත්වයට පත්වන්නේ.

ක්‍රි.පූ. 7 සහ 8 වැනි කාලවල අභයගිරියෙන් හමුවූ සෙල්ලිපිවලින් සොයාගෙන තිබෙනවා ​ෙම් කාලවලදී ශිව දෙවියන් පාර්වතී දෙවියෝ ලංකාවට වැඩියා කියලා. අන්න එතන ඉඳලා තමයි ලංකාවේ ජනතාව දෙවියන් කෙරෙහි නැඹුරු වෙන්න පටන් ගත්තේ. යම් කිසි කෙනෙකු දුකට පත්වූවාම කාලි මෑණියෝ පිහිටට එනවා. එවැනි සංකල්පයක් අපේ ජනතාව තුළ පවතිනවා. දෙවියන්ගෙන් පිහිටක් ලැබෙයි කියලා. ඉතින් එක එක්කෙනාගේ විශ්වාසය හැටියට විවිධ පුද පූජා පවත්වනවා. කාලි මෑණියන් යක්ෂ අවතාරය ගත්විට තමයි ඔබ පුළුටු, සැවුල්, එළවන් වගේ සත්වයන් පූජා කරන්නේ. බිලි පූජා දෙනවා කියලා අපි හඳුන්වන්නේ. දැන් පත්තිනි මෑණියෝ කියලා අපි හඳුන්වන්නේ උමා පාර්වතී කියන එකම කෙනා. එකම සමූහයක් අර සමූහයෙන් දැඩි ලෙස අවේගශීලී වූවාම, මිනිසුන්ට දුකට පත්වූවාම අසාධාරණයට ලක් වූවාම පිහිට වෙන කෙනාට තමා භද්‍රකාලි කියලා කියන්නේ.

කාලි මෑණියන්ගේ මුල් උප්පත්තිය ගැන කතා කළොත්?

විශ්ණු දෙවිහාමුදුරුවන්ගේ නැගණිය කියලා තමයි සඳහන් වෙන්නේ. මේ උමා පාර්වතී කියන දේවිය. උමා කියන චරිතයටනේ කාලි මෑණියෝ කියන්නේ. විවිධ අවස්ථාවල මවා ගන්නා ස්වරූප අනුවයි කාලි මෑණි​ෙයා් කාලි යක්ෂණිය වගේ හඳුන්වන්නේ.


ලංකාවට කොහොමද කාලි මෑණියෝ සමීප වෙන්නේ?

ඊශ්වර ​ෙදවිහාමුදුරුවන් හිමාල වනයේ ඉඳලා ලංකාවට පැමිණ කුවේණිගේ දෙවි දෝෂය මුදවන්න තමයි පැමිණියේ කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ තමයි ලංකාවට ඔය ශාන්තිකර්ම වගේ දේවල් පැමිණෙන්නේ.

කුවේණියගේ දේවි දෝෂය මුදන්න. අන්න එතනදී ඊශ්වර දෙවියන් සමඟ පැමිණි පාර්වතී තමයි අද ලංකාවේ මිනිස්සු මව්​ දෙවඟන එහෙමත් නැති නම් කාලි කියලා හඳුන්වන්​ෙන​්. අපි දුකට විපතට පත් වුණාම තමා කාලි රාක්ෂණියට කියලා මිනිසුන් බිලි පූජා වගේ දේවල් කරන්නේ. පිහිටක් පතාගෙන උමාපාර්වතී කියන දෙවඟනට කේන්තියක් ඇති වුණාම මේ කාලි කියන අවතාරය මැවෙන්නේ. එතකොට ලක්ෂ්මි පත්තිනි කියලා කියන්නේ මේ එකම දෙවඟන තමයි. මැවෙන දස අවතාරවලට අනුව වෙනස් වෙනවා. අර අසාධාරණයක් එක්ක නැගෙන කෝපයත් එක්ක තමයි කාලි, භද්‍ර කාලි කියලා හඳුන්වන්නේ.


කාලි මෑණියන්ට අවතාර කීයක් තිබෙනවාද?

කාලි මෑණියන්ට අවතාර 8ක් තිබෙනවා. ලේ කාලි, ඊරි කාලි, ගිනි කාලි, අග්නි කාලි, සොහොන් කාලි, මරු කාලි වගේ අවතාර 8ක් තිබෙනවා. ඔය කියන ආවේගශීලීත්වය මතුවෙනකොට සොහොන් කාලි කියලා කියනා. ඒ කියන්නේ ආවේගශීලිත්වයට මිනිසුන්ට කරන අසාධාරණයට විශේෂයෙන් කාන්තාවන්ට වෙන අසාධාරණයට කාන්තාවකගේ පිහිටක් පතනවනේ. අන්න ඒ අවස්ථාවේ කාන්තාවකට නැගෙන වේදනාවට කෲරත්වයට තිබෙන තැන අනුව තමයි භද්‍රකාලි, සොහොන් කාලි කියන විදිහට ආවේගශීලී අවතාර මැවෙන්නේ. විෂ්ණු දෙවියන්ගේ නැගණිය නියලත් කියනවනේ. විෂ්ණු දෙවියන්ටත් අවතාර 10ක් තිබෙනවා. ​මව් දෙවඟන කියලා තමයි විශේෂයෙන් හඳුන්වන්නේ. මිනිසුන්ගේ තිබෙන භක්තියට වගේම ගෞරවයට. අන්න ඒ විදිහට තමයි ලංකාවේ මිනිස්සු කාලි මෑණියන් අදහන්න පටන් ගත්තේ.

එතකොට කාලි මෑණියෝ මුලින්ම වැඩම කලේ කුමන ස්ථානයටද?

මුල් භූමිය වශයෙන් හැඳින්වෙන්නේ හලාවත මුන්නේෂ්වරම් ප්‍රදේශයටයි. මුන්නේෂ්වරම් දේවාලයට අදිගෘහිත වුණා කියලා තමයි හැඳින්වෙන්නේ. එතන ආධිපත්‍යයක් ගොඩනගාගෙන මෙතන සිට මිනිසුන්ට පිහිට වෙනවා කියලා තමයි මුන්නේස්වරමේ මූලිකව කාලි මෑණියෝ වැඩ සිටින්නේ. ඒකනේ මුන්නේස්වරම් අධිපති කාලි මෑණියෝ කියලා කියන්නේ. මිනිසුන්ට වෙන අසාධාරණයේදී මුන්නේස්වරමේ වැඩ සිට එතන ආධිපත්‍යයක් ගොඩනගාගෙන පිහිට වෙනවා කියලා තමයි අධිෂ්ඨාන කරගෙන තිබෙන්නේ.

මෝදරට සම්බන්ධ වෙන්නේ කාලි මෑණියෝ කරදිය වළල්ලකින් වටවූ මේ ද්වීපය තුළදී මේ මුහුද අවට ගමන් කරන මෝදර ප්‍රදේශයත් කාලි මෑණියන්ට සුදුසු ස්ථානයක් වුණා කියලා සඳහන් වෙනවා. එතන වැඩ වසන්න සුබයි කියලා තමයි මෝදර ප්‍රදේශයෙත් වැඩ සිටින්නේ.

අද ලංකාවේ සෑම තැනකම වගේ කාලි කෝවිල් තිබෙනවා. මේ සෑම තැනකින්ම මෑණියන්ගේ පිහිට ලැබෙනවාද?

ඇත්තටම ලෝකයට පහළ වෙච්ච ප්‍රථම දෙවියන් වන ඊශ්වරගෙන් කියලා කියනවනේ. මේ ලෝකය විනාශ වෙන්නෙත් ඊශ්වරගෙන් කියලා කියනවානේ. ඊශ්වර දෙවියන් තුන්වැනි ඇහැ විවර කළාම ගිනිදැල් පිටවෙනවා කියලා සඳහන් වනවා. එතකොට ලෝකය විනාශ වනවා කියලා කියනවා. ඉතින් එහෙම කෙනෙකුගේ භාර්්‍යාව වුණාම දුකට පිහිට වෙන්න තමයි. එක එක අවතාරවලින් පෙනී සිටින්නේ. දැන් එක අවතාරයක් තමයි සිද්ධ පත්තිනි කියලා කියන්නේ. පතිවෘත්තාව රැකගෙන සිටි මාතාවක්. ඒ වගේමයි විපතට පත්වූවන්ට පිහිට වෙන්න කාලි මෑණියෝ කියලා අවතාරයක් මවාගෙන පැමිණ සිටින්නේ. ඇත්තටම පිහිටක් තිබෙනවා.

කාලි මෑණියන්​ෙග් අවතාර 8න් මිනිසුන්ට සේවාවක් සලසා දෙනවාද?

අනිවාර්යෙන්ම පිහිටක් තිබෙනවා. මෑණියන්ව නියම විදිහට අදහනවා නම් ඒ පිහිට ලබාගන්න පිළිවන්. හැබැයි තමන් නිර්දෝශී වෙලා. තමන් ප්‍රතිපත්ති ගරුක නම් මෑණියන්ගෙන් පිහිටක් ලබාගන්න පිළිවන්. කාලි මෑණියෝ මුලින්ම හඳුන්වන්නේ භද්‍රකාලී මෑණියන් කියලනේ. මව් දෙවඟනගේ එක විලාශයක් තමයි සොහොන් කාලි කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් සොහොන් කාලි කියන්නේ කෙනෙකුගේ ජීවිතය විනාශ කරනවා කියන එකනේ. සොහොනකට අධිපති වෙලා කියනවනේ ඉන්නේ. මම මෙතනින් මේ කෙනාට දඬුවම් ලබා දෙනවා කියලා දඬුවමක් ලබා දෙනවා. ඒක තමයි අසුරයා කකුලෙන් පාගගෙන කාලි මෑණියෝ පහර දෙන්න උත්සාහ කරන්නේ.

කාලි මෑණියෝ උතුම් මෑණි කෙනෙක්නේ. ඒ වගේ කෙනක් දඬුවම් දෙන එක සාධාරණද?

මෙහෙමනේ. ඒ දඬුවමක් දෙන්නේ යුක්තිය සාධාරණත්වයත් එක්ක නේ. අපි දෙවියන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න නම් අපි නිරවුල් වෙන්න ඕනෑ. අපිට දෙවියන්ගේ පිහිටයි තිබෙන්නේ. සමහරු කියනවනේ දෙවියන් අපේ ඇඟට ඇතුල්වෙලා කියලා. එහෙම කිසිම දෙවි​ෙයක් අපේ මේ කුණු ශරීරයට ඇතුළු වෙන්නේ නැහැ. ඒක මිනිස්සු මවා ගත්ත දෙයක්. තමන්ගේ වාසියට. අපට දෙවියන්ගේ පිහිට තමයි තිබෙන්නේ. දැන් ශරීරයේ පංචස්කන්දයට කාලි මෑණියෝ ඇතුළු වෙලා සමහර මිනිස්සු ආරූඩත්වයක් ගොඩ නගා ගෙන බොරු මවාපෑමක් කරනවා.

එතකොට කාලි මෑණියෝ මට ආරූඩ වෙලා ඉන්නේ. මෑණියන්ගෙන් මට සාස්තර කියන්න පුළුවන්. ඔය වගේ දේවල්වල සත්‍යයක් තිබේද?

කිසි සත්‍යතාවයක් නැහැ. කාලි මෑණියන් එහෙම ඇඟට ආරූඩ වෙලා කියන එකේ සත්‍යතාවක් නම් මම දකින්නේ නැහැ. දැන් අපි දෙවියන්ගෙන් ඉල්ලීමක් කරලා පිහිටක් පතන්නේ අපට මේ වගේ කරදරයක්, අයහපතක් වගේ වෙලා තිබෙනවා. ඊට පිහිටක් ලබා දෙන්න කියලා. ඒ පිහිට පතන්න අප සාධාරණ වෙන්න ඕනෑ.

ඒ වගේ ආරූඩවීමක් ශරීරයකට ගන්න පුළුවන්ද?

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා දෙයක් තිබෙනවා. අද මිනිස්සු අක්ෂර ආයුධ කරගෙන යම් යම් දේවල් කරනවා. සමහරු එක එක දේවල්වලින් බන්ධන කරගන්නවා. කාලි මෑණියෝ බන්ධන කරගෙන අපට ජීවත් වන්න විදිහයක් නැහැ. කාලි මෑණියෝ මිනිසුන්ට පිහිටක් ලබා දෙනවා. ඔය එක එක්කෙනාගේ මත අනුව තමයි කාලි මෑණියෝ දඬුවම් දෙන කෙනෙක් කියලා අවබෝධ කරගෙන ඉන්නේ. දෙවි කෙනෙක් විදිහට කව්රුත් මිනස්සු මරන්නේ නැහැ.


එතකොට කාලි මෑණියෝ දෙයියෙක්ද? රාක්ෂණියක්ද? මාතාවක්ද?


කාලි මෑණියෝ කියන්නේ උමයංගනා දෙවියන්ගේ අවතාරයක් කියලා අපි මුලින්ම සඳහන් කළානේ. එතකොට විෂ්නු දෙවි හාමුදුරුවෝ මේ ශාසනය භාරව ඉන්න වහන්සේගේ සහෝදර​ෙයක් තමයි මේ උමයංගනා, පාර්වති කියලා හඳුන්වන්නේ. ඒ නිසා මව් මාතාව කියනවා. අවේගශීලීත්වය වැඩි වුණාමයි කාලි යක්ෂණියකගේ අවතාරයක් මැවෙන්නේ. ඒ කියන්නේ අසාධාරණයක් වෙන තැනදී අප කෙනෙකුට පිහිටවෙන්න මැවෙන ස්වරූපය තමයි කාලි යක්ෂනිය කියලා හඳුන්වන්නේ. දැන් වෙලාවකට කාලි මෑණියෝ කාලි මාතාව කියලා හඳුන්වනවා.

කාලි මෑණියන්ගෙන් දුෂ්ඨ විදිහට වැඩගන්න පුළුවන්ද?

කාලි මෑණියන්ගෙන් දුෂ්ඨ විදිහට වැඩගන්නවා කියන්නේ අපි කෙනෙකුට අසාධාරණයක් වූවාම අපි කියනවනේ කාලි මෑණියන්ට බාර දීලා මේ කෙනාව මරණවා කියලා. ඇත්තටම එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ගොල්ලෝ දේවත්වයට පත්​ වෙච්ච අයනේ. එක අවස්ථාවක දේවත්වය. තව අවස්ථාවක යක්ෂ අවතාරය. තවත් විටක තවත් අවතාරයක්. ඉතින් දේවත්වයෙන් සිටින කෙනෙක් ඔයවගේ දේවල් කරන්නේ නැහැ මම දන්න විදිහට.

ඒ වගේම දෙයක් කාලි මෑණියන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරිද?

අපි බලමු දැන් යම්කිසි කෙනෙකුට අසාධාරණයක් කරදරයක් වුණම ඒ අසාධාරණය කළ අයට දඬුවමක් දෙන්න කියලා දෙවියන් ඉදිරියේ හඬා වැටෙනවා. ඉතින් තමන් දුර්වල වුණාම කුමන හෝ දඬුවමක් ලැබෙනවා. ඒක ඔහු කරපු පින් පව් අනුවයි පඩිසන් දෙන්නේ.

කාලි මෑණි​යෝ දඩුවම් කරන්නේ නැද්ද?

කාලි මෑණියෝ දඩුවම් කරන්නේ නැහැ. දැන් භද්‍ර කාලි, සොහොන් කාලි, ගිනි කාලි වගේ අවතාර මැවෙනවානේ. අන්න ඒ අවතාරවලදී ඒ අසාධාරණය කරපු අයව දඬුවමකට ලක් කරනවා.


සටහන
නිශාන්ත කුමාර බණ්ඩර

Follow to Follow ...❤️
11/06/2026

Follow to Follow ...❤️

11/06/2026

කදිර දිව්‍ය රාජ... 🙏

සුබ සිද්ධිය යහපත ප්‍රසන්න බවින් සියළු දනන්හට සුබ පල ගෙනෙන කතරගම දෙවියෝ ලොව සුපතල දෙවිකෙනෙකි. කතරගම වාසභවන කරගෙන වැඩ වෙසෙන දෙවියන්ගේ ස්වරූපය අති ශෝභමාන බවත් කතරගම දෙවියෝ දේහ විලාශය හා දරනු ලබන ආයුධාදිය අතින් ද වෙනත් බොහෝ දෙවිවරුන්ට ආරෝපනය නොවුණු තේජසක්‌ හා ආශ්චර්යයක්‌ මතු කොට දක්‌වයි. කඳ සුරිඳුන්ට මුහුණු සයකි. අත් දොළසකි. සිරුර රන්වන්ය. ස්වර්ණ මයුර (මොණරා) වාහනයද‌, කෙටේරියක්‌, දුන්නක්‌, හීයක්‌, පළිහක්‌, පොතක්‌, කඩුවක්‌, අඬකුසයක්‌, මුගුරක්‌, සැවුල් ධජයක්‌, සංඛයක්‌, තෝමරයක්‌ යන අවි දොළසක්‌ අත් දොළොස සමග රක්ත වර්ණ ශක්තීන් සමග කීර්තිය බලය සමග සැමට පිහිට වන බව ජනප්‍රවාදයේ සදහන් වෙයි.
සිංහල ජනතාව අතර "කතරගම දෙවියන්" "කදිර සුරිදු" යන නමින් ද හින්දු ජනතාව අතර ස්කන්ධ, කුමාර, , මුරුගන්, වේලන් ආදි නමින් හඳුන්වන හින්දු මේ දෙවියෙක් වෙති. මුරුගන් දෙවියන්ගේ ආයුධය - වේලායුධය වේලන්ගේ ආයුධය නොහොත් වේලායුධය යනු ගිනි දළුවක හැඩයකින් යුතු තලයකින් සමන්විත හෙල්ලයකි. එය ස්කන්ධගේ පූජනීය සංකේතය බවට පත්ව ඇත. අදටත් වේල් යන නමින් ‍ද්‍රවිඩ ජාතිකයන් ඇදහීමට භාජනය කරන මෙය වේලන් නොහොත් කතරගම දෙවියන්ට තම මෑණියන් වන පාර්වතී විසින් තම බලය පුතුට ලබා දීමක් ලෙස සුරපද්මන් සමඟ යුද්ධයේදී භාවිතා කිරීමට ලබාදුන් බවත් ‍විශ්වාස කෙරේ. එසේම මුරුගන් ශක්තිමත් තරුණයෙකු බවට පත්වූ කළ දේවයෝ ඔහු තම නායකයා ලෙසින් පිළිගත් බවත් ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළ බවත් සඳහන් වේ.
"මුරුගන්" යන නමින් ද අද වනවිට ඉතාම ජනප්‍රිය දේව විශ්වාසය ඈත අතීතයේ සිටම පැවතී තිබේ. ඉන්දියාවේ ලියා තිබෙන ආගම් ඉතිහාසයේ ඈතම වකවානුව වන සෘග්වේද සමයෙහි "ස්‌කන්ධ" යන නමින් හැඳින්වුණු දෙවියන් පසු කලෙක ස්‌කන්ධ නමින් ප්‍රකට වූ දෙවියන් යයි විචාරකයෝ විශ්වාස කරති. වේද සාහිත්‍යයේ එන තොරතුරු අනුව ස්‌කන්ධ දෙවියන් එකල ජනප්‍රිය දෙවිවරුන් වූ අග්නි, සෝම ඉන්ද්‍ර, මරුත් ආදී දෙවිවරුන් හා සම ලක්‌ෂණ හා තේජස දැරූ ජනතාවගේ හදවත්හි නිරතුරුව වැජඹුණු දෙවිවරයෙක්‌ විය. කලක්‌ ගතවීමේදී මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී ගොස්‌ බ්‍රාහ්මණ සාහිත්‍ය යුගය වනවිට මෙම දෙවියන් තව තවත් තෙදින් බලයෙන් ඔද වැඩි ගිය අයුරු එම වීර කාව්‍යයන් හි එන ස්‌කන්ධ පිළිබඳ තොරතුරුවලින් අනාවරණය වේ.
ඊශ්වර හෙවත් ශිවගේත් පාර්වතියගේත් පුතකු ලෙස ස්‌කන්ධ දෙවියන් හඳුන්වනු දකුණු ඉන්දිය කුමාර, කාර්තිකේය, සුබ්‍රමනියම්, මුරුගන් යන නම්වලින් ස්‌කන්ධ දෙවියන් හඳුන්වයි. මෙසේ ඉන්දියාවේ බලපරාක්‍රමයෙන් වැඩි ගිය මේ දෙවිදුන් පිළිබඳ විශ්වාසය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ භාරතියන් සමග ලංකාවට පැමිණි බවත් එසේ සංක්‍රමණය වූ ස්‌කන්ධ භක්‌තික පිරිස්‌ රුහුණේ මැණික්‌ ගඟ අසබඩ ජනාවාස ගොඩනගා ගැනීම නිසා එම විශ්වාසයෙහි ලාංකේය කේන්ද්‍රස්‌ථානය කතරගම වූ බවත් ඓතිහාසික තොරතුරු අනුව සලකා ගත හැකිය. කතරගම දෙවිඳුන් යන නමින් එතුමන් හැඳින්වෙන්නට වූයේ මේ හේතුව නිසාය.
කතරගම දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. ඈත අතීතයේ කාරක නම් අසුරයෙක්‌ ලක්‌දිව දකුණු දෙසෙහි ජනතාව පෙළමින් සිය අණසක පතුරවා ගෙන සිටි බව සඳහන් වේ.



ඒ කාලයේ ඉන්දියාවේ කීර්තිමත් නිර්භීත සෙන්පතියකුව සිටි කඳකුමරු ලංකාවට පැමිණ කාරක අසුරයා විනාශ කොට එහි බලය සිය අණසක යටතට ගෙන ජනතාවගේ අතිශය ප්‍රසාදයට භාජන වන පරිදි පාලනය ගෙන ගියේය. ජන හදවත්හි ඇති වූ ප්‍රසාදයෙහි ඵල වශයෙන් එතුමා දේවත්වයෙන් පිදීමට ජනතාව පෙළඹුණු අතර සෙසු ප්‍රදේශවල ජනතාව අතරටද පැතිර ගියේය. තවත් ජනප්‍රවාදයකට අනුව කතරගම දෙවියෝ ප්‍රතාපවත් නරපරයෙකු වූ මහසෙන් රජතුමන්ය. කතරගම රාජධානිය කොට රජකළ මොහු අභාවයෙන් පසු දේවත්වයට පත් වූ බව ජනතාව සලකයි.
අනුරාධපුර යුගයේදී රුහුනේ මාගම විසූ ගැමුණු කුමරයා මැණික්‌ නදී තෙරෙහි පෙහෙවස්‌ සමාදන්ව භාවනානුයෝගීව සිටියදී කතරගම දෙවිදුන් ඔහු හමුවෙහි පෙනි සිට බුදුසසුන වනසන එළාර රජුට එරෙහිව නොබියව සටන් වදින ලෙසත් තමන් නිරතුරුවම ඔහුගේ සහායට පැමිණෙන බවත් සඳහන් කළැයි ජන ප්‍රවාදයෙහි සඳහන් වේ.
දුටුගැමුණු රජු විසින් දැන් කතරගම දෙවොල පවතින ස්‌ථානයෙහි එම දෙවොල මුලින්ම ගොඩ නගන ලද්දේ ද මෙයට කෘතගුණ දැක්වීමට යෑයි සැලකේ.
සිංහල දෙමල මුස්ලිම් යන ප්‍රධාන ජාතීන්ද සියළු ආගමිකයන්ද කතරගම වන්දනා කරති. එය සර්ව ආගමික මධ්‍යස්ථානයකි.
කාචරගම (කතරගම) යෙහි මහා ස්‌ථුපය (කිරිවෙහෙර) පිහිටන බිමෙහි සමවත් සුවෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහා ඝෝෂා නම් දෙවියෙකුට මතු සසුන බබුළුවන එම බිම ආරක්‌ෂා කරන්නැයි පැවරූ බව ධාතුවංසයේ සඳහන් වේ. මේ මහා ඝෝෂ දෙවිඳුන් කඳ සුරිදුන්ම බව විශ්වාස කළ හැකිය. සියලු ලාංකිකයෝ මෙම දෙවිදුන්ට හිතාදර භක්‌තියකින් යුතුව පූජෝපහාර පවත්වන අතර තම දුක්‌ ගැනවිල්ලෙහිලා පිහිටට එන ආරක්‌ෂකයාණන් කෙනෙකු ලෙස පිළිගනීයි
ඇසළ පෙරහැර ඉල් මස කච්චි හෙවත් කාන්ති උත්සවය හා සිංහල හා හිංදු අලුත් අවුරුදු උත්සවය යනුවෙන් උත්සව 3ක් පැවතුනත් ඉන් වඩාත් ප්‍රසිද්ධ හා වැදගත් වී ඇත්තේ කතරගම ඇසළ පෙරහර ය.
කතරගම ඇසළ මහ පෙරහැර ආරම්භ වීමට මොහොතක්‌ තියා ඈත වැඩිහිටි කන්දෙන් කතරගම මහා දේවාලය වෙත ආලෝකය සහිත හීයක්‌ විදුලි සැරයෙන් එන බව ජනවහරින් කියවෙයි. මේ විදුලි සැරය දුටු අයද සිටියි. එසේම මේ විදුලි සැරය කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමට මොහොතකට කලින් එන බව පැවසේ. මේ විදුලි සැරයද දුටු අය සිටිති. මේ විදුලි සැරයෙන් හඟවන්නේ කතරගම දෙවියන් මහා දේවාලයට වැඩිය බව යෑයි විශ්වාසයක්‌ පවතී. කතරගම දෙවියන් කතරගම කිරි වෙහෙර අසල කිහිරි වනයේදී සිද්ධාර්ථ ගෞතම සර්වඥයන් වහන්සේගෙන් බණ අසා බෞද්ධයකු වී සෝවාන් මාර්ග ඵලය ලබා මිනිස්‌ ලොව ආශ්‍රිතව ජීවත් වන මහා දෙවියකු බව පරම්පරාවෙන් පරම්පරාවට ජනවහරින් කියවෙමින් එයි.
කතරගම ඇසළ මහ පෙරහැර නරඹන්නට විදුලි ආලෝකයක්‌ සහිත හීයක්‌ මවාගෙන කතරගම මහා දේවාලය වෙත වඩින කතරගම දෙවියන් සමග වල්ලි අම්මාද එන බව විශ්වාස කරනු ලැබේ. කතරගම ඇසළ මහා පෙරහැර නරඹන කතරගම දෙවියන් සහ වල්ලි අම්මා දේවියද එම පෙරහැර නරඹන සියලු දෙනාද දකින පෙරහැර එන මඟ අවහිර කරන වැද්දන්ගේ රැඟුම තුළින් දැන් අපි අතීතය වෙතට යමු.

කතරගම දෙවියන් වශයෙන් අප හඳුන්වන රුහුණු පුරයට කඳු හත් වළල්ලට, මයුර වාහනයට අරක්‌ගෙන වැඩ වසන්නා වූ මුහුණු සයකින්ද අත්දොළසකින්ද යුක්‌තව ලෝක සත්වයාගේ සෑම කන්නලව්වකටම ඉතා ඉක්‌මණින් ඇස්‌ ඉදිරිපිට පිහිට ලබාදෙන ශ්‍රී තේජෝ බලධාරී කතරගම දේවරාජෝත්තමයාණන් හෙවත් කන්දස්‌වාමි රුහුණට එන්නට පෙර සිටියේ දකුණු ඉන්දියාවේය.

මේ රටේ අනාගතය ගැන සැලකිල්ලක්‌ දැක්‌වූ ගෞතම බුදුන් වහන්සේ දැන් කිරි වෙහෙර ගොඩනඟා තිබෙන ශුද්ධභූමියේ තිබුණු කිහිරි වනය අසලට ජනයා රැස්‌ කරවා කතරගම දෙවියන්ව හඳුන්වා දී කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන අයගේ කර්ම ශක්‌තිය අනුව කතරගම දෙවියන් ඔවුනට පිහිට වනවා ඇති බව දේශනා කළහ.

ඉන්පසු බුද්ධ ආඥාව ලැබූ කන්දස්‌වාමි කතරගම දෙවියන් නමින් රුහුණට අධිපති වූහ. සිද්ධාර්ථ ගෞතම සර්වඥයන් වහන්සේගෙන් කරතගමදී බණ අසා සෝවාන් වූ කතරගම දෙවියන්ගේ පින් බල මහිමය වැඩි නිසාත් උන්වහන්සේ පිනට පිහිට වී බොහෝ කුසල් රැස්‌කර ගන්නා නිසාත් ගෞතම බුදුන්වහන්සේ ගෙන් බණ අසා රහත් වී නිවන් දකින බවට විශ්වාසයක්‌ පවතී. ඒ නිසා දීර්ඝ කාලයක්‌ උන්වහන්සේ මේ රටද රකිනවා ඇත.

අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද නාහිමියන් විසින් කතරගම දෙවියන් පිළිබඳව නාඩි වාක්‍යවලින් දකුණු ඉන්දියාවේදී ලබාගත් විස්‌තරයක්‌ හෙණ්‌ඩියගල සීලරතන මහ නාහිමියන් විසින් බොහෝ කලකට පෙර ලියන ලද විශිෂ්ටතම ධර්ම ග්‍රන්ථයක්‌ වන පුනර්භවය නමැති ග්‍රන්ථයේ සඳහන් වේයි.

කතරගම දෙවියන් බවට පත්වූ ඉන්දියාවේ සිටි මහා රණශූර දෙවියකු වූ කන්දස්‌වාමි භාරතයේ උපත ලබා සිටි ඈත භවයන්හි ඔහුගේ භාර්යාව වශයෙන් සිටියේ වල්ලි අම්මාය. මේ දෙදෙනා අතර තිබුණ ස්‌නේහවන්ත බැඳීම ඉතා ශ්‍රෙෂ්ඨ එකක්‌ විය. නමුත් මේ දෙදෙනාගේ උත්පත්තිවල වෙනස්‌වීම් කිහිපයක්‌ පසුව ඇති විය.

කන්දස්‌වාමි දිව්‍ය ආත්මය ලැබුවාට පසුව ඔහුට සුර අසර යුද්ධයටද සහාය වීමට සිදුවිය. කන්දස්‌වාමීන්ද සුර අසුර යුද්ධයේ දී මහා විස්‌කම්පෑ දෙවියකු බවට පත්විය.

සුර අසුර යුද්ධයෙන් සුරයන් ජය ගැනීමෙන් පසුව කන්දස්‌වාමි දෙවියන්ට වල්ලි අම්මා පිළිබඳ මතකය මනසට ආවේය. පෙරකල කුසල් බලය නිසා අදි මානසික තත්ත්වයක්‌ තිබුණ දෙවියකු වූ ඔහු අධික මානසික ශක්‌තිය මෙහෙයවා වල්ලි අම්මාව සෙව්වේය.


වල්ලි අම්මා සෙල්ල කතරගම වැදි ගෝත්‍රයක උපත ලබා සිටින බව ඔහු දුටුවේය. කන්දස්‌වාමි වහා ලංකාවේ සෙල්ල කතරගම වෙත ආවේය. නමුත් වැදි සිරිත අනුව පිටස්‌තරයකුට වැදි තරුණියක හමුවිය නොහැකි විය. වැදි ගෝත්‍රිකයෝ ඉතාමත් නපුරු ප්‍රචණ්‌ඩ දරුණු අය වූහ. ඒ නිසා කන්දස්‌වාමි ඉක්‌මන් නොවූහ.

වැදි රැළ දඩයමේ යන තුරු බලා සිටි කන්දස්‌වාමි හෙමින් සීරුවේ වල්ලි අම්මා සිටි පැලට ගියේය. අධි මානසික ශක්‌තියක්‌ තිබුණු වල්ලි අම්මා කන්දස්‌වාමි හඳුනා ගත්තාය. වැඩිහිටි කන්දේ අතු පැලක නතර වුණු කන්දස්‌වාමි නිතර වල්ලි අම්මා බලන්නට ගියේය. එහෙත් බලය යොදා ඇයව පැහැරගෙන යැම නින්දාවක්‌ සේ සැලකුවේය. දිනක්‌ මහ රෑ වැඩිහිටි කන්දේදී වැදි රංචුව කන්දස්‌වාමිව කොටුකර ගත්තේය.

වැදි කෙල්ලක්‌ සමග හාදකම් පවත්වා මේ පිටස්‌තරයා තමන්ට අවමන් කළ බව වැදි රංචුවේ චෝදනාව විය. මහා ගෝරනාඩුවකින් පසුව වැදි රංචුව සමාදානයකට එන්නට කැමැති විය. ඔවුන්ගේ තීරණය වූයේ තමන්ට කළ අපහාසයට කන්දස්‌වාමි විසින් වසරකට වරක්‌ කප්පමක්‌ ගෙවිය යුතු බවයි. කන්දස්‌වාමි එකඟ වී පළමු කප්පම ගෙවා වල්ලි අම්මා සමග ඉන්දියාව බලා ගියේය.
ඉන්පසු බුදුන්වහන්සේ සමග කතරගමට පැමිණි කන්දස්‌වාමි ප්‍රබලත්වයට පත්වී කතරගම දෙවි නමින් මහා ප්‍රසිද්ධියට පත්විය. කන්දස්‌වාමි ප්‍රබල දෙවි කෙනෙකු බව දැනගත් සෙල්ල කතරගම වැදි රංචුවේ පරම්පරාවේ වැද්දෝ කතරගම ඇසළ මහා පෙරහැර ඇරැඹීමෙන් පසුව කතරගම දෙවියන්ගෙන් ලැබුණු කප්පම පිළිබඳව පුවත මහා පෙරහැරේ ඉදිරිපත් කරන්නට අවසර ලබා ගත්හ. ඈත අතීතයේ පටන් කතරගම ඇසළ මහා පෙරහැරේ මේ සිද්ධිය රඟ දැක්‌වෙයි. නමුත් ඒ බව දන්නා අය විරලය.

විශේෂයෙන් මේෂ, වෘශ්චික ලග්න හා කුජ බලවත් අය පුද පූජා තැබීමෙන් හා පිං අනුමෝදන් කිරීමෙන් කතරගම දෙවියන්ගෙන් විශේෂ පිහිට ලබාගත හැකිය.

ලොව විශාලතම මල.ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ලොව විශාලතම මල ගැනයි. 'මළ මිනී මල' හෙවත් 'රෆ්ලෙසියා' මල corpe flower සාමාන්...
10/06/2026

ලොව විශාලතම මල.

ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ලොව විශාලතම මල ගැනයි. 'මළ මිනී මල' හෙවත් 'රෆ්ලෙසියා' මල corpe flower සාමාන්‍ය මලකට වඩා බොහෝ විශාලය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුඋපතෙහි වැසි වනාන්තර මෙහි නිජබිම ලෙස සැලකේ. මෙහි විෂ්කම්භය මීටර 1 ක් පමණ වේ.
බරින් කිලෝග්‍රෑම් 11 පමණ වේ. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙතරම් ලොකුවට පිපුණ ද එම මල සදෙන ශාකය බාහිර පරිසරයට නොපෙනෙන එකක් වීමයි. මෙම පැළෑටිය පූර්ණ පරපෝෂිතයකු ලෙස ටෙට්‍රාග්ස්ටිමා නැමැති වැලෙහි කඳ තුල ජීවත් වීම නිසා ය. මල් පිපෙන විට එහි කැකුළු ධාරක ශාකයේ පොත්ත පලා ගෙන එළියට එයි. මෙම කැකුලක් විකසිත වීමට වසරකට වැඩි කාලයක් ගතවීම ද පුදුම උපදවන සුළු ය. මින් නිකුත් වන දුර්ගන්ධය ද ඇති ප්‍රබල ය. මෙම මලේ ගඳ මස් කුණු වන විට නිකුත් වන දුඟදට සමාන නිසා මළ මිනී මල ලෙස හැදින්වේ. මෙහි දුඟදට ඇදෙන කුරුමිණි විශේෂ කිහිපයක් මඟින් පරාගණය සිදුවේ.

10/06/2026

වෘන්දා වනයේ ක්‍රිශ්ණා..

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහා භාරතයේ සඳහන්ව ඇත්තේය.

වෛකුණ්ඩයෙහි වෙසෙන මොහු දෙව්ලොව හෝ මනුලොව පැනනැගුණු ආපදාවලදී ඊට මැදිහත් වූ වාර අපමණය. එවන් අවස්ථාවකදී සුදුසු වේශයක් ගැනීම විෂ්නුගේ සිරිතයි. මත්ස්‍ය අවතාරය, කුර්ම (ඉදිබු) අවතාරය, වරාහ (ඌරු) අවතාරය, නරසිංහ අවතාරය, මාවන අවතාරය, පරශුණම අවතාරය, රාම අවතාරය, කෘෂ්ණ අවතාරය, බුද්ධ අවතාරය යන ස්වරූප නවයකින් විෂ්ණු ලොව පහළවූ බවත්, කල්කී නම් වේශයෙන් අනාගතයෙහි පහළවන බවත් සඳහන් වේ.

මුලින් කී අවතාර පහක් පහළවූයේ ලෝකම්භාරයේදීය. එමෙන්ම මනුලොවින් පිටතදීය. මේ සියල්ල අතරින් සාහිත්‍යකරුවාගේ සිත් වඩාත්ම පැහැරගත්තේ රාමා අවතාරය සහ ක්‍රිෂ්ණා අවතාරය සම්බන්ධ කතා ප්‍රවෘත්තීන්ය.
රාමා අවතාරය පිළිබඳ මහා භාරතයේ එන කතාව විකාශනය කෙරෙමින් ක්‍රි.පූ. තුන්වන සියවසේදී වාල්මිකී ඉසිවරයා විසින් ‘රාමායනය’ ලියැවුණි. හයවන සියවස මුලදී සිහළදීපයේ රජකළ කුමාර ධාතුසේන රජු එම කතාවම ගෙන ‘ජානකීහරණ’ නම් ශ්‍රේෂ්ඨ සංස්කෘත කාව්‍යය රචනා කළේය. පස්වන සියවස දක්වාත් සිළදීප නමින් හැඳින්වුණු අපේ රට ‘ලංකා’ යන නම ලද්දේ මෙම සාහිත්‍ය කෘතීන්හි බලපෑමෙන් විය හැක.


විෂ්ණු දෙවි ක්‍රිෂ්ණ අවතාරයෙන් ලොව පහළ වී කළ වීර ක්‍රියා රාශියකි. එහෙත් වෘන්දා වනයේ ඔහු මැවූ පෙම් රජදහන සාහිත්‍යකරුවන්ට මීවිතක් බඳු විය. රාධා - ක්‍රිෂ්ණා පෙම් යුවළ අමරණීය කළේ ඔවුන්ය. මේ පෙම්වතුන්ගේ ආදර හැසිරීම් භාරතයේ ඍතු හය සමඟ ගැලපීමෙන් කාලිදාස කවියා ‘ඍතු සංහාර’ මහා කාව්‍යය ලීවේය. ජයදේව නම් බෙංගලා කවියා ක්‍රිෂ්ණාගේ පෙම්වතියන් ගැන ලියූ ‘ගීත ගෝවින්ද’ ගායනා ශෛලියෙන් යුතු රසවත් පද්‍යාවලියකි.

රාධා - ක්‍රිෂ්ණා චිත්‍ර සහ මූර්ති ශිල්පීන්ටද හොඳ නිමිත්තක් විය. ක්‍රිෂ්ණා අත දැරූ බටනළාවත්, ​ගෝපිකාවන් හා ඔහු කළ ප්‍රේම රංගනයත් භාරත සංගීතයට - නැටුමට එකතු කළේ අසිරිමත් ආලෝකයකි.

ක්‍රිෂ්ණ පහළවූයේ මනුලොවට විපත්තිකාර කාලයකය. රකුසෝ බලවත්ව මිනිසුන්ට පීඩා කළහ. අදමිටු රජුන් නිසා කරදර දෙගුණ වී තිබුණි. තම පියා රාජ්‍යයෙන් පහකර සිහසුන උදුරාගත්, කන්ස නමැති තරුණ රජෙක් නිසා දෙව්ලොව පවා කැළඹීමක් ඇතිවිය. දෙවිවරුන්ගේ බලවත් ඉල්ලීම පිට විෂ්ණු මේ විපතින් මිනිසුන් මුදාගැනීමට මනුලොව ඉපදීමට තීරණය කළේය.

කන්ස රජුට දේවක නම් සහෝදරයෙක් විය. ඔහුගේ දියණිය වූ දේවකී, වාසුදේව නම් කුල පුත්‍රයකුට සරණපාවාදීමට තීරණය වී තිබුණි. මංගල්‍යය දවසේ කන්ස රජුට අහසින් ශබ්දයක් ඇසුණි.

‘‘මෝඩයා! ඔය කැන්දාගෙන යන මනාලියට ලැබෙන අටවැනි දරුවා අතින් තා මැරුම් කන්නෙහිය!’’

මෙයින් භීතියට පත් කන්ස සූදානම් වූයේ, එවේලේම දේවකීගේ දිවි තොර කරන්නටය. එහෙත් පිරිස මැදිහත්වී, දේවකීට ලැබෙන දරුවන් උපන් හැටියේම කන්සට භාරදෙන පො​රොන්දුව මත ඇය මරණයෙන් මුදාගත්හ. නමුත් කන්ස රජු නව යුවළ නිදහස් නොකළේය. තම මාලිගයේම එක් කොටසක ඔවුන් රඳවා මුරකාවල් සහිතව තැබීය.
කන්සට අහසින් ඇසුණු නපුරු ආරංචිය කීවේ නාරද සෘෂිවරයාය. සුරලොව සිටියත් මොහුගේ ස්වභාවය වූයේ වාචාලකමයි. විෂ්ණු මනුලොව උපදින ආරංචිය දැනගත් මොහොතේ පටන් එය හැමතැනම කියමින් ඇවිද්දේය. එයින් සිදුවූයේ උපදින්නටත් පෙර ක්‍රිෂ්ණට සතුරෙක් ඇතිවීමයි.

මාලිගයේ සිරවී සිටි දේවකී වරින් වර පුතුන් හයදෙනෙකු වැදුවාය. කන්ස ඒ දරුවන් උපන් විගසම මරා දැමුවේය. හත්වැනි දරුවා උපන් මොහොතේ උපක්‍රමයකින් මාලිගයෙන් පිටකර ගැනීමට දේවකීත්, සැමියාත් සමත් වූහ. ‘බලරාම’ නම් ලද ඔහු ඈත ගොපලු ගමක රහසේ ඇතිදැඩි විය. අටවැනි දරුවා උපත ලද්දේය. ‘ක්‍රිෂ්ණ’ නම් ඔහු රුවින් අසමාන සුන්දරත්වයක් පෙන්නුම් කළත් පැහැයෙන් අඳුරුවන්ය. කල් තබා සූදානම්ව සිටි මාපිය යුවළ එම දරුවාද ගොපලු ගම්මානය වෙත යැවීමට සමත් වූහ.

මථුරා පුරයෙන් ඈත, යමුනා නදියෙන් එතෙර පිහිටි වනගත ගොපලු ගමක සිටි නන්ද නම් ගෝපාලයාත්, ඔහුගේ බිරිය යසෝදාත් දරුවන් දෙදෙනාගේ භාරකාරයෝ වූහ. දේවකීගේ දරුවා රහසින් පිටමං කරගෙන ඇති බව දැනගත් කන්ස, අලුත උපන් දරුවන් සියලු දෙනා මරාදමන ලෙස නියෝග කළේය.

එහෙත්, වනගත ගොපලු ගමේ දෙසොහොයුරෝ නිදහසේ වැඩුණෝය. ගොපලු දරුවන් සමඟ කෙළි සෙල්ලමෙන් දවස ගතකළත්, ගවයන් රැකබලාගැනීමද ඔවුන්ගේ කාර්යයක් විය.
පැහැයෙන් අඳුරුවන් වුවද බලරාමත්, ක්‍රිෂ්ණත් සෙසු දරුවන් අතර රූපයෙන්ද, ක්‍රියාශීලිත්වයෙන්ද කැපී පෙනුණේය. දස හැවිරිදිව සිටි ක්‍රිෂ්ණගේ සුන්දර මුහුණ සිපගන්නට වැඩිහිටි කතුන් පවා රිසි වූහ. සියලු දෙනාගේ ආදරය මැද, දරු දැරියන් අතර නායකත්වයද නිතැතින්ම ඔහුට හිමි විය.

ක්‍රිෂ්ණගේත්, බලරාමගේත් භාරකාරිය වූ යසෝදාට ඇතැම් විට ඔවුන්ගේ දඟකාරකම් කරදරයක් විය. වරක් ඇය කෝපවී, ක්‍රිෂ්ණාගේ ​ඉඟටියෙහි කඹයක් ගැට ගසා විශාල ගල් වංගෙඩියක බැඳ තැබුවාය. ඇය ගිය පසු ක්‍රිෂ්ණ එය ඇදගෙන ගොස්, විශාල ගස් දෙකකට සිරකර, ඒවාද උදුරා දැමුවේය.

වරක් එක් රකුසියක් ක්‍රිෂ්ණ ගොදුරු කර ගැනීමට සිතා, ඔහු ළඟට අඬගසා දෙතනේ කිරි උරනන්ට දුන්නාය. ඒ ගැන සැක සිතූ ක්‍රිෂ්ණ, ඇයගේ ප්‍රාණය නිරුද්ධවන තෙක්ම කිරි ඉරීම නැවැත්වූයේ නැත. කන්ස රජුගේ කීම පිට ක්‍රිෂ්ණ සොයා ආ අයෙක්, ඔහු රථයකට යටකර මරා දමන්නට උත්සාහ කළේය. එයින් ගැලවීගත් කුමාරයා රථය ඔසවා බිම ගසා කුඩුපට්ටම් කළේය. තවත් වරෙක සුළඟේ වේගයෙන් පැමිණි අසුරයෙක් ක්‍රිෂ්ණ ඇදගෙන යන්නට උත්සාහ කළේය.

කුමරා අසුරයා බිමට ඇද පොළොවේ ගසා මැරීය. විශාල ​ද්‍රෝණකාකයෙක් ක්‍රිෂ්ණ අල්ලාගන්නට තැත්කළ විටෙක, ඔහු උගේ හොටසළුව අල්ලා, පයින් පාගා, උඩට නමා කඩා දැමුවේය.

ක්‍රිෂ්ණගේ රූපයත්, නුවණත්, ශක්තියත් ගොපලු ගමේ සිසාරා පැතිරිණ. යමුනා ගංතෙර වෘන්දා වනයේ නිතර හැසිරෙන ක්‍රිෂ්ණ ඇතුළු ගොපලු දරුවෝ, රංචු ගැසී කවි ගී කියමින් විනෝදයෙන් දවස ගත කළහ. ක්‍රිෂ්ණගේ මියුරු බටනළා වාදනය අසන්නට තුරු වැසි විහඟුන්ද, ගවරැළද, යහළු පිරිසද නිතර කැමැත්තෙන් පසුවූහ.
වෘන්දා වනගැබ අසල විසූ ගෝපිකාවෝ, ක්‍රිෂ්ණගේ බටනළා හඬ ඇසූ විගස ගෙවල්වලින් එළියට බැස එදෙසට ඇදෙන්නේ ​ඉබේටමය. නළා හඬ හදිසියෙන් නැවතුණොත් වනයෙහිම රැඳෙන ලාලනියෝ ඔහු එනතෙක් බලා සිටින්නෝය.

‘‘අපට ඉතින් ගෙවල්වල වැඩපළක් කරගන්නට ඉඩක් ඇතෑ? මේ නළාහඬ ඇසුණාම දෙපා ඇදෙන්නේ ඒ පැත්තටමයි.’’

‘‘මටත් ඔය නළාව ගැන තරහයි.’’ එක් කාමිනියක් කීවාය. ‘‘හැමදාම ඒක ක්‍රිෂ්ණගේ තොල්වල රස විඳගන්නවානේ? අපට කෝ එහෙම වාසනාවක්?’’
‘‘සිහින් නදින් ඇරඹෙන දියඇල්ලක් රිද්මය උච්චවෙමින් කොහේදේ ඈතකට ගලා යනවා වගෙයි නේද? එකවරම ඒක නැවතුණාම මගේ හදවතත් නැවතුණා!’’
‘‘මට පෙනෙන්නේ මේක අපේ සිත් මෝහනය කරවන ඉන්ද්‍රජාලයක්!’’

‘‘ක්‍රිෂ්ණ බටනළාව පිඹිනකොට කුරුල්ලෝ ගායනා නවත්වනවා! ඔය තුරුවදුලු අතර වනදෙව්ලියොත් සැඟවිලා අහගෙන ඇති.’’
‘‘කොල්ලො දඟවුණාට මොන තරම් හික්මීමක් තියෙන්න ඕනැද ස්වර ඛණ්ඩ නොබිඳී ඉහළ පහළ පාකර හරින්න?’’

‘‘මෙහෙම අපව ගෙනැල්ලා කැලේ අතරමං කරන්න වටිනවද? අහුවුණොත් මං එයාගේ කම්මුල් දෙකේම දත් සලකුණු තියලයි නවතින්නේ!’’
‘‘කොල්ලො තව පුංචියිනේ... ටිකක් ලොකුවෙනකල් තමයි මාත් ඉන්නෙ!’’ තුෂාරයෙන් පිරුණු එක් සීත ඍතුවක, ගෝපිකාවෝ එකතුව යමුනා නදියේ දිය නෑමට ගියහ. ගංතෙර පාර්වතී දෙවඟනගේ පිළිරුවක් තනා, මල් - පහන් - සුවඳ දුම් පුදා ‘‘ක්‍රිෂ්ණ අප සැමගේ සැමියා කරදුව මැනව’’යි යාඥා කළහ. ඉන්පසු ගං ඉවුරේ ඇඳුම් උනා තබා, දිය කෙළිමින් රිසිසේ නෑවෝය. ක්‍රිෂ්ණ ඒ මොහොතේ උන්නේ ගසට නැගී ගවයන් රැකබලා ගනිමිනි. ගෝපිකාවන්ගේ ළයාන්විත ගී අසා, ඔහු ගසෙන් බැස ඒ දෙසට පැමිණියේය. තරුණියන්ගේ ඇඳුම් ගං ඉවුරේ තිබෙනු දැක, ඔහු ඒවා පොදි බැඳගෙන කොළොම් ගසකට නැග අතු අතරේ සැඟවුණේය. දිය නෑ අඟනෝ ගොඩට විත් බැලූ විට ඇඳුම් දක්නට නොවීය. එකියක් උඩ බැලුවාය. එවිට ක්‍රිෂ්ණ රෙදි පොදිය උකුළ මත තබාගෙන සිනාසෙමින් ගස උඩ සිටිනු දුටුවාය.
ක්‍රිෂ්ණගේ හිසෙහි නෙලුම් දණ්ඩකින් තැනු ඔටුන්නක් විය. කහ රෙදිකඩෙක් හැඳ සිටියේය. ගෙලෙහි

මල්දමකි. ක්‍රිෂ්ණ දුටු තරුණිය ‘‘ආ.. අන්න ඉන්නවා හාදයා... අපේ හිත් හොරා ගත්තා මදිවාට ඇඳුනුත් අරන්... අන්න කොළොම් ගහේ!’’යි කෑ ගැසුවාය. ඒ ඇසූ යුවතියෝ එදෙසට දිව ආවත්, තමන් නිරුවතින් බව සිහිවී යළිත් ගඟට පැන්නෝය.

තන මත්තක් දියේ සිටි සුන්දරියන් කොතෙක් ඇවිටිලි කළත් ක්‍රිෂ්ණ නොවේ රෙදි දුන්නේ. ‘‘මේ නෝබිනාකම නම් අපි ගෙවල්වලට කියනවාමයි’’ එකියක් තර්ජනය කළාය. ‘‘අපි පාර්වතියට පුද පූජා කරලා මේ සීතල උදෑසන දිය නෑවේ ඔබ නිසාමනේ! අපේ ඇඳුම් දියන් පැටියෝ!’’ තවෙකෙක් ඇවිටිලා කළාය.

‘‘එහෙනම් ඉතින් මා ළඟට ඇවිත් රෙදි ගන්ට බැරුවායැ?’’ ක්‍රිෂ්ණ ගසෙන් බැස එතැනම සිටියේය.

‘‘ඔහු සැමියා කොට පැතූ අප මොකටද ලජ්ජා වෙන්නේ?’’යි කතිකා කරගත් යුවතියෝ නිරුවතින්ම කොලොම් ගස මුලට පැමිණියෝය. ක්‍රිෂ්ණ විහිළු කරමින් ඇඳුම් ආපසු දුන්නේය. ‘‘යසයි... යසෝදාගේ හුරතලා හැදිලා තියෙන තරම! අපි දුප්පත් ගෑනු ළමයි!’’ ආඩාපාලි කියමින් සේවිකාවෝ ​ආපසු ගියහ.
නෑඹුල් තරුණවියට පත් ක්‍රිෂ්ණ රූප සෞන්දර්යයෙන් අසමසම විය. එක් සරත් ඍතුවක, සඳරැසින් වෘන්දා වනය නැහැවෙද්දී ක්‍රිෂ්ණගේ බටනළා හඬ ඇසෙන්නට විනි. බොහෝ කලක් බලාපොරොත්තුවෙන් සිටි යමක් ලැබුණා මෙන් ඒ හඬ ඇසුණු ගෝපිකාවෝ කුල්මත් වූහ. එය ඔවුනට ආරාධනයක් බඳු විය. තම ගේ දොර කටයුතු, මව්පියන් හෝ සැමියන් අමතක කළ සස්වාමික - අස්වාමික රූපිකාවෝ, හොඳින් ඇඳ පැළඳගෙන බට නළා හඬ ඔස්සේ වනය තුළට ඇදී ගියහ.

රතියෙන් උමතු වූ ලලනාවෝ ක්‍රිෂ්ණ සිටි තැනට පැමිණ, සඳරැසින් නැහැවෙමින් බටනළාව වයන රූමත් තරුණයා වටා හිඳගත්හ. මඳ වේලාවකින් සමාධියෙන් මිදුණු ක්‍රිෂ්ණ, සැමියන් හැරදමා පැමිණි රූපිකාවන්ට දොස් පැවරීය. රිදීවන් සඳරැසින් දිළෙන වනයත්, යමුනා නදී තීරයේ සුන්දරත්වයත්, සංගීතයත් විඳ ආපසු යන ලෙස කියා සිටියේය. ක්‍රිෂ්ණගේ මුවින් ඒ රළු වචන පිටවූ වහාම ලලනාවෝ හඬන්නට වන්හ. සංගීතයෙන් අප රවටා මෙහි ගෙන්වාගත් ඔබ දැන් යන්නට කියනවා! අප ආවේ මේ ටික අහගන්නද?’’
ඒ ඇසූ ක්‍රිෂ්ණ සිනාසී, ගොපලු ලියන් හට තමන් හා නටන්නට ආරාධනය කළේය. මල්දමින් වටකොට නැටුම් භූමිය සකස් කළ පසු, ගෝපිකාවෝ යමුනා නදියට බැස දිය නෑහ. ගොඩට විත්, හිස සිට උකුළ දක්වා මල්දමින් සරසා ගත්හ. සිය දිගු කෙස්වැටිය සුළඟේ දඟ කරද්දී ක්‍රිෂ්ණ බටනළා වාදනය පටන් ගත්තේය. තරුණියන් අතර සිටි රාධා නම් සුරූපිනිය තමන් ළඟට කැඳවාගත් ඔහු, ගෝපිකාවන් වටකර ගනිමින් නර්තනය ඇරඹීය.


හැම රූපිකාවක්ම සිතුවේ ක්‍රිෂ්ණ තම හිමියන් බවයි. මෝහනීය රංගනයේ සෑහෙන වේලාවක් යෙදුණු පසු ක්‍රිෂ්ණ එතැන නැති බව ඔවුහු දැන ගත්හ. රාධාද සමග ඔහු අතුරුදන්ව සිටියේය.

බියෙන් හා සොවින් කම්පා වූ ගෝපිකාවෝ වනය පීරා යමින් ඔවුහු සෙවූහ. අවසානයේ තුරුගොමුවක් අතර වැතිර සිටි රාධා ඔවුනට හමුවිය. ඇය සිටියේ සතුටින් ඔද වැඩී මුසපත් වූවකු මෙනි. ක්‍රිෂ්ණ නැති බව දැනගත් පසු ඇයද හඬන්නට වූවාය.

මැදියම් රැය වනතුරුත් ක්‍රිෂ්ණ සෙවූ රූපිකාවෝ විඩාවෙන් මිරිකී ගංතීරයේ වැතිර ගත්හ. මෙතෙක් සැඟව සිටි ක්‍රිෂ්ණ ඔවුන් ගැන අනුකම්පාවෙන් එතැනට ආවේය. අලුයම් යාමය තෙක් ගෝපිකාවන් සමග සිටි ක්‍රිෂ්ණ, එළිවන්නට පෙර හැමදෙනා ගෙවල්වලට පිටත් කළේ ඔවුන් ප්‍රීතියෙන් කුල්මත් කරවීමෙන් පසුවය.

පිරිපුන් තරුණ වියට පත් ක්‍රිෂ්ණ තම ජන්ම හතුරා වන කන්ස රජුගේ මාලිගයට ගොස්, ඔහු මරා, එහි සිරකර සිටි සිය දෙමව්පියන් නිදහස් කර ගත්තේය.







- රන්ජිත්ප්‍රිය

Address

Ratnapura

Telephone

+94765361477

Website

Alerts

Be the first to know and let us send you an email when GG fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GG fashion:

Shortcuts

Share