26/11/2025
*"Ceylon Winta Team විසින් සංවිධානය කරන වසර අවසාන B2B Cut and Polished Gemstone Sale එක ඔබ අත් නොහැරිය යුතු ම අවස්ථාවක්!"*
*මොකක්ද මේ CW Team B2B Gemstone Sale එක ?*
අපි සාමන්‍යයෙන් මේ ගෲප් ඇතුලේ ගල් විකුනන් නෑ. අපේ රටේ මෙන්ම ලෝකේ වටේ ඉන්න retailers, juwellery manufacturers, එහෙම නැත්නම් premium end customers ලට තමයි අපි එදා ඉදලා ගල් දෙන්නේ. හැබැයි මේ අවුරුද්දේ අවසානේ ඒක ට අපි පොඩි වෙනසක් කරනවා. අපි හිතුවා අලුතෙන් ෆීල්ඩ් එකට ආපු අය , මැනික් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්න අය එකතු කරගෙන වසර අවසාන සේල් එක කරන්න. ඒකට හේතුව මේකයි!! මම සාමාන්‍යයෙන් මේ ගෲප් වලින් ගල් ගන්නවා විතරයි. එදා මෙදා තුර මම සහ අපේ Team එක ගල් ගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා මේ ගෲප් ඇතුලේ. ඉස්සර මේ ගෲප් හරි පිලිවෙලයි. Loupe clean ගලක් කිව්වොත් Loupe clean ම තමයි. Loupe 1CT කැපෙනවා කිව්වොත් කැපෙනවම තමයි. ඒ තරමට ඔන්ලයින් බිස්නස් එක genuine. ඉස්සර මේ ගෲප් ගැන හොයලා බලලා , මේවට නීති දාලා, මෙයා ඇත්ත සෙලර් කෙනෙක් මෙයා හොරෙක්, මෙයා ගුලාබි කාරයෙක් කියලා මේවා අස්සේ කෑගහපු මිනිස්සු ටිකක් හිටියා. මිනිපුරවැසියෝ දෙමුවාවත තුෂාර අයියා, තරංගා ජෙම්ස් තීක්ෂණ අයියා ඒ අතරින් ප්‍රධානයි. නමුත් දැන් එහෙම නෑ. හොරු , ලූප් ක්ලීන් කියලා මේ 2.50 දලං කෑලි දෙන අයගෙන් පිරිලා මේ ගෲප්. මම මෑතක ඉදලා හොඳටම අත්දැකපු දෙයක් තමයි මේ online ගල් මිලදී ගැනීමෙදී පුදුම විදිහට මේ ෆීල්ඩ් එකට අලුතින් ආපු අය රවට්ටනවා. ලූප් ක්ලීන් කැපෙනවා කියලා දාස් ගනන් දීලා ගල් ගත්තම ඒවා ලූප් තියා eye clean එකේ වත් කැරට් 1ක් ගන්න බෑ. මම නම් කෙලින්ම හොඳ පදේ කියලා ගල් රිටන් කරන්නේ. නමුත් ඉතිං අලුතෙන් ෆීල්ඩ් එකට එන මිනිස්සු මේවට රැවටෙනවා. උන්ට ආපහු ඒ ගල් කපන්නත් බෑ විකුනගන්නත් බෑ. ලක්ෂයක් වියදම් කරලා මේ රුපියල් 1000ක් වටින් නැති දලන් ලොට් ගත්ත' මම පෞද්ගලික ව දන්න ෆීල්ඩ් ඒකේ අලුත් අය ඉන්නවා. ඉතිං ටික කාලයක් යද්දී රැවටිලා රැවටිලා එයාලට මේ කර්මාන්තේ එපාම වෙනවා. ඉතිං අපි එක Team එකක් විදියට මේකට කරන්න දෙයක් කල්පනා කරා. මේකට තියෙන්නේ විකල්ප දෙකයි. එක්කෝ ගල් විකුනන උන් ඇත්ත කියලා ගල් විකුනන්න ඕන , නැත්නම් ගන්න මිනිස්සු මුලින් හොඳට ගල් ගැන ඉගෙනෙගන්න ඕන. හැබැයි අපිට තේරුනා බොරු කියලා ගල් විකුණන උන් මේ කපේට හදන්න බෑ කියලා. පස්සේ අපි කල්පනා කරා අලුත් අය රැවටෙන් නැතුව එයාලගේ අතට සාධාරණ මිලට ගල් යන විදියක්. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ Cut & Polished අවුරුද්ද අවසාන සේල් එක ඔයාලටත් විවෘත වෙන්නේ. අපි මේක දිගටම කරගෙන යන්න නම් බලාපොරොත්තුවක් නෑ. මොකද B2B price එකට ගල් දීලා පනම් දෙකක් හොයාගන්න ඕන නම් අපි මැනික් බිස්නස් කරන්න අවශ්‍ය නෑ. ඕන තරම් සිල්ලර කර්මාන්ත තියනවා. හැබැයි මේ වැඩේදි අපිට ඒ පනම් දෙක ඇති කියලා හිතුවේ මේ අලුතෙන් ආපු අයට හොඳ ගල් ටිකක් B2B price එකෙන් දෙන්න ඕන නිසා.
*ඇත්තටම මේ කියන තරම් CW B2B Sale එකේ ගල් අඩුද?*
උත්තරේ ඔව් !!!. අපි අපිට ආපූ ගානෙන්ම' හෙට්ටු කරලා කරලා ගත්තු ගානෙන්ම කට් කරන්න ගියපු ගානත් බලලා අවම මිලක් තමයි ගල් වලට ගහන්නේ. මොකද මේ ගල් දෙන්නේ ' ගන්න අයට ආපහු විකුනන්න. ඉතිං එහෙම එකේ ගහන්න පුලුවන් උපරිම ගාන ගහලා ගල් දීපුවම එයාලා ආපහු ඒවා විකුනගන්නේ කොහොමද ? ,
සරලවම කිව්වොත් සෙමි ගල් cut and polish 1CT රුපියල් 500,1000 ඉදන් දෙනවා. ජාති ගල් කට් කරලම 1CT රුපියල් 5000 , 6000 ඉදන් දෙනවා. ගල ගැන ඇත්තම විස්තරේ දානවා අපි. Loupe නම් Loupe, Eye clean නම් පලුදු කොතනද තියෙන්නේ , crack එකක් ද , natural inclusion එකක්ද , ෆෙදර් එකක් ද , ඇත්‍තම විස්තරේ කියනවා අපි. ඒ වගේම ඕන තරම් විස්තර අහන්න පුලුවන්. ඇත්තටම ඒක මිලදී ගන්න කෙනාගේ අයිතියක්. අනිත් එක තමයි ගල ගැන ඇහුවම, OK එකක් දුන්නම ගල ගන්නම ඕන කියලා එකක් නෑ 😂, සමහර අය එහෙම හිතන් ඉන්නවා. ගල ගැන ඇහුවොත් ඒක ගන්නම ඕන නැත්නම් ඒකා හොරෙක් කියලා හංවඩු ගහනවා. අනේ අපේ නම් එහෙම දෙයක් නෑ. ඕන තරමක් විස්තර අහන්න , එකම ගල ගැන සිය පාරක් ඇහුවත් සිය පාරම කියනවා.
ඉතිං B2B Price කිය කිය කපන්නවත් බැරි රෆ් දලං කෑලි ගන්නේ මොකටද, අපි රෆ් එකේ අරන් , කපන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියන අවදානමත් අරගෙන, ගල් කට් කරලා පොලිෂ් කරලා ඔයාලා රෆ් එකේ ගන්න ගානටත් අඩුවෙන් Cut and Polish ගල් දෙනවා කිව්වම පුදුමයි නේද ?!!! . ඔව් ' හැබැයි ඒක ඇත්‍තක්.
ඉතිං එන්න ඒ පුදුම නමුත් ඇත්ත අත්විඳින්න. අපි දෙසැම්බර් මාසේ 5 වෙනිදා ඉදන් මේක පටන් ගන්නවා. බොහෝ දුරට මේක දෙසැම්බර් මාසෙට විතරක් සිමාවේවි. ඉතිං මං ආරාධනා කරනවා මේ Limited Sale එකට ඔයාලා හැමෝටම එන්න කියලා. 🤝
අපේ ගෲප් එකට Join වුනාම දැනගන්න පුලුවන් මේක කොහොමද වෙන්නේ කියලා. එහෙනම් දැන්ම එකතු වෙන්න අපිත් එක්ක. ඔයාලට ජය !!! 🙏
https://chat.whatsapp.com/JTVNyrtFkEkDPtTRXJEUsN?mode=wwt