15/04/2024
දන්නවද? ලෝකෙ වටිනාකමින් වැඩිම වර්ණකය( pigmant) මොකක්ද කියල?
ඒ තමයි .
මේ නිල් වර්ණකයෙ වටිනාකම පුනරුද යුගයේදි රත්තරං වල මිල අබිබවා අදික ලෙස ඉහල මට්ටමකට යනව.
Ultramarine blue( අල්ට්‍රා මැරින් බ්ලූ) වර්ණකය ඇයි මෙච්චර මිල අධික.?
අල්ට්‍රාමැරින් බ්ලූ වර්ණකය නිශ්පාදනය කරන්නෙ ලැපිස් ලාසුලි කියන ඛනිජ විශේෂයෙන්. ඉතින් මේ ඛනිජය දුර්ලභ ඛනිජයක් වුනා.
මේ ලැපිස් ලාසුලි ගල් කුඩු කරල තමයි අල්ට්‍රාමැරින් වර්ණකය හදාගත්තෙ. ඒක ඇත්තට හෙන අමාරු වැඩක් වුන. මොකද ලැපිස් ලාසුලි නිල් වුනත් සැබෑම අල්ට්‍රාමැරින් වර්ණය වෙන් කරගන්න එක අමාරු වැඩක්. මොකද ඛනිජයෙන් ඛනිජයට නිල් පැහැ වෙනස් වුනා.
අතීතයෙදි සාමාන්‍යයෙන් ලැපිස් ගල් කිලෝ 1 කින් පිරිසුදු අල්ට්‍රාමැරින් වර්ණක ගන්න පුළුවන් වුනෙ ග්‍රෑම් 30 ක් වගෙ
ඒක හින්ද මේ දුර්ලභ බව හින්දම හරි පරිස්සමට තමයි මේ නිල් පාට පාවිච්චි කලෙ.
ඉතින් මේ හේතුව මත අල්ට්‍රාමැරින් බ්ලූ වර්ණය පාවිච්චි කරනකොට උනත් සිතුවම තුලින් වර්ණයට වටිනා කමක් දෙන්න උත්සහ කරා.
ඒ කියන්නෙ ගොඩක් වෙලාවට මේ අල්ට්‍රාමැරින් වර්ණය පාවිච්චි කරේම මරිය මව්තුමියගෙ සලුව,ක්‍රිස්තුස් වහන්සේගෙ සලුව වගෙ විශේෂ චරිත සඳහා.
වැඩි සැලකිල්ලක් හා දේවත්වයක් දුන්න මේ වර්ණයට.
ඒක හින්දම මේ වර්ණය පාරිශුද්ධත්වය සංඛේතවත් කලා.
(වැඩි දෙයක් තියා ඔය ක්ලියෝපැට්‍රා ඇස් වටෙ ආලෙප කලෙත් මේ අල්ට්‍රාමැරින්ම තමයි)
ඔයාට පුළුවන් උදාහරණයකට ඒ කාලෙ චිත්‍ර අරං බලන්න.
"virgin mary"- giovanni battista
මේ දුර්ලභ බව ඇත්තටම ප්‍රශ්නයක්නෙ. ඒ කියන්නෙ නිල්පාට චිත්‍ර ශිල්පියෙක්ට අත්‍යාවශ්‍යම වර්ණයක් උනා. ඒ කාලෙ මේකට විකල්ප හෙව්ව ගොඩක් අය.
විසඳුමක් හැටියට තමා ප්‍රංශ විද්‍යාඥයෙක් රසායනිකව කෘතිමව අල්ට්‍රාමැරින් වර්ණකයක් නිර්මාණය කලෙ. ඒක ඇත්තටම ලෝකෙ වටිනා සොයා ගැනීමක් වුනා.
මොකද ඒක ලොකු විකල්පයක් ඒ කාලෙ. අනික බජට් වර්ණයක්.
ප්‍රංශය විසින් හොයාගත්ත හින්ද මේකෙ නම ප්‍රංශ අල්ට්‍රාමැරින් වුනා.
මං හිතන්නෙ ඔයාල ඔය පාට දැකල ඇති ඔයිල්, ඇක්‍රලික්, වෝටර්කලර් වල සටහන් වෙනව හරි සුලභව.
මේක හොයාගත්තට සැබෑ අල්ට්‍රාමැරින් හා ප්‍රංශ අල්ට්‍රාමැරින් අතර වර්ණය පොඩ්ඩක් වෙනස්.
කොල, දුඹුරු පැත්තට නැඹුරුවක් තියෙනවා .
ලෝකෙ සුපිරිම අල්ට්‍රාමැරින් වර්ණය අඩංගු ලැපිස් ලාසුලි ඛනිජ තියෙන්නෙ ඇෆ්ගනිස්තානයේ. ඇත්තටම කිව්වොත් ඒ ඛනිජ වලත් නිල් වලට අමතරව තියෙන්නෙ ගොඩක් අපද්‍රව්‍ය. හැබැයි මේව නිශ්පාදකයන්ට ප්‍රශ්න නෙවෙ. අඹරල දානවනෙ.
හැබැයි කියන්න ඕන සැබෑම අල්ට්‍රාමැරින් වර්ණය නිශ්පාදනය කරන වෙලඳ සමාගම් තියෙනවා .ගොඩක්ම ඉහලම පෙලෙ බ්‍රෑන්ඩ් වල තමයි ඔය වර්ණය අඩංගු වෙන්නෙ. මිල ගැන ඉතින් කියන්න ඕන නෑනෙ ඔයාල හිතාගන්න.
සාමාන්‍යයෙන් ලෝක වෙලඳපලෙ මිලත් එක්ක සාමාන්‍යය තත්වයෙන් යුතු ultramarine blue pigmant ග්‍රෑම් 5 ක් ඩොලර් 400 කට ආසන්නයි.
දන්න විදිහට බ්‍රෑන්ඩඩ් උනත් ගොඩක් සමාගම් අල්ට්‍රාමැරින් කියල සටහන් කරන වර්ණ ටියුබ් තුල අඩංගු කරන්නෙ කෘතිම අල්ට්‍රාමැරින් පොඩි පොඩි වෙනස් කම් වලට ලක් කරල.
පොඩි බොරුවක් අපිට කරන්නෙ.
සරලවම කිව්වොත් අපි ඔය සැබෑ අල්ට්‍රාමැරින් දැකලම නෑ. සැබෑම පිරිපහදු අල්ට්‍රාමැරින් වුනත් ඉතා සුලු ප්‍රමාණයක් තමා නිශ්පාදනයට යොදාගන්නෙත්.
හැබැයි මේ ලැපිස් ලාසුලි ගල් වලින් හදන ආභරණ තියෙ කරාබු,මාල, වලලු වගෙ. අන්න ඒවයෙ තියෙන්නෙ නම් සැබැම අල්ට්‍රාමැරින්.
ලැපිස් ලාසුලි හොඳම ඛනිජ පතල් තියෙන්නෙ ඇෆ්ගනිස්තානයේ. තලෙයිබාන් වරු හා අයි එස් සංවිධානයෙ කොටසකට තමා මේ වෙද්දි ලැපිස් ලාසුලි පතල් අයිති වෙන්නෙ.
යුද ගැටුම් වෙලාවෙදි මේ ලැපිස් ලාසුලි ලෝකයට බෙදා හැරීම නැවතුනා ටික කලකට. දැං නං එහෙම නෑ,
ලැපිස් ලාසුලි කියනවට අමතරව මේවට තව නමක් කියනව ඒ තමයි “conflict mineral” ගැටුම් ඛනිජ ඔය නම පට බැඳෙන්නෙ යුද්දෙ හින්දම තමා.
අල්ට්‍රාමැරින් නිල් වර්ණයට සසඳන්න පුළුවන් නිල් වර්ණයක් මේ වෙනතෙක් ලෝකෙ හොයාගෙන නෑ.
ඉතින් ඒ වර්ණයෙ තියෙන ගැඹුරු නිල් වර්ණයත් දුර්ලභ බවත් හේතුවෙන් වටිනාකම අද වෙන තෙක් අඩු වෙලත් නෑ.
සැබෑම අල්ට්‍රාමැරින් අපි දැකලත් නෑ.
ඔන්න ඕක තමා ultramarine blue වල කතන්දරෙ.
කෝම වුනත් ඉතිහාසයෙ චිත්‍ර ගැන හොයද්දි පුනරුද කලාකරුවො චිත්‍රයෙ තියෙන කලාත්මක වටිනාකමට වඩා භෞතික වටිනාකමකුත් එකතු කරල තියෙ. Ultramarine blue වලින් ඒක ඔයාට තේරෙන්නත් ඇති.
උපුටා ගැනීමකී ....