25/05/2024
මොකක්ද මේ රත්නපුරේ දවස් 45 කතාව. 😯🌊
ඒක අතීතේ ඉදලා පැවත එන හැම වසරකම ඇත්ත වෙන කතාවක්
කළු ගඟ නිම්නයේ (රත්නපුර) වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍යයෙන් මිලිමීටර් 4000 සිට 6000 පමණ වෙනවා.
මැයි මාසය කියන්නේ කළුගං නිම්නයට එච්චර හොද කාලයක් නෙමෙයි.
අතීතයේ ඉදං පැවත එන කතාවක් තමයි සිංහල අළුත් අව්රුද්ද නිමාවෙලා දින 45 කින් රත්නපුර හා ඒ අවට කළුගඟ නිම්නයට ගංවතුර ගලන එක. මේ ගං වතුරට "45හේ වතුර","වෙසක් වතුර" වගේ නම් කියනවා. දින 45 ක් කිව්වට හරියටම තිතටම දවස් 45කින් ගංවතුර ගලන්නේ නෑ එක්කෝ දින කිහිපයක් ඉස්සර වෙනවා එක්කෝ දින කිහිපයක් පහුවෙනවා. (2017 ගංවතුර දින 42කින් ආවේ.) සමහර වසර වල ගංවතුර ගලන්නෙම නෑ..
රත්නපුර ජනතාව වෙසක් නැතුව පොසොන් පොහොය උත්සවත්ශ්‍රීයෙන් සමරන්නේ ඒකයි.
ඉතිම් මේ ගං වතුරෙන් ජනජීවිත විනාස වෙලා අඩාල වෙනවා. එත් හැම දේකම දෙපැත්තක් තියනවා කියනවනේ. මේකෙන් අපි නොදන්න හොද දේකුත් වෙනවා. ඒ තමයි මැණික් කර්මාන්තයේ යෙදුනහම සමහරු පතල් හරියට වහලා දාන්නේ නෑ. පොළොව යටින් යන දෝනා එහෙම්මම අත ඇරලා දානවා. ඉතිම් මේ ගංවතුරෙන් තමයි එව්වා පුරෝලාදාලා පරිසරය නැවත යතා තත්වෙට ගන්නේ. නැත්නම් මේ වෙනකොටත් රත්නපුර කියන්නේ ගිලා බැහැපු නගරයක්.
" ස්වභාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ " කියනවනේ.
තව කතාවක් අහල තියෙන විදිට මිනිස් පහසින් අපවිත්‍ර උන සමන් දවි අඩවිය පවිත්‍ර කිරීමට වහින වස්සක් ලු, සිරි පාද සමය අවසන් වෙලා කිලි සොද හරින්න වෙසක් පොහොයෙන් පසු වහිනවලු.
ඉතිම් ඔන්න ඕක තමයි රත්නපුර රීසෙට් කරන දවස් 45 හේ කතාව.
තව අයට දැනගන්නත් එක්ක ශෙයා කරන්න. අමතක නොකර ලයික් කරන්න. මේ පොස්ට් එකේ දේවල් වලට වඩා දෙයක් ඔයා දන්නවනම් කමෙන්ට් කරලා එවා බෙදාගන්න.
උපුටා ගන්නාලදී