01/01/2026
Clock Service vs repair
Antique Clock එකක් service කරනව කියන්නෙ සහ repair කරනව කියන්නෙ එකිනෙකට වෙනස් වැඩ කොටස් 2 ක්. හැබැයි ඔය දෙකම කරන්න වෙන්නෙ එකට. ඒ කියන්නෙ ඔරලෝසුවෙ ධාවන තත්වය මත.
ඒක හින්ද repair එකක් කියන්නෙ මොකක්ද කියල මං වෙන පෝස්ට් එකකින් කියන්නම්. Antique clock එකක් Service කරනව කියන එක ගැන මේ ලිපියෙන් කියන්නම්.
Service එකක් කරනව කියන්නෙ මොකක්ද?
ඒක කරපුවාම ඔරලෝසුවට වෙන්නෙ මොකක්ද? හරි විදිහට service කරන්නෙ කොහොමද ?
මොකද ගොඩක් අය අහනවනෙ ගෙදරදි අපිට clock එකක් සර්විස් කරන්න බැරිද කියල. බැරි නෑ පුළුවන් පරිස්සමට කරොත් හරියටම හරි.
Clock එකක් service කරනව කියන්නෙ එය ධාවන තත්වයෙ තිබ්බත් එහි ඉදිරි ධාවනය සඳහා අවශ්‍ය කරන සාදක ටික නිසි පරිදි ලබා දීම.
ඒ කියන්නෙ නඩත්තු කිරීම.
උදාහරණයකට වාහනයක් ගත්තොත් අපි මාසෙකට සැරයක් හෝදනව, ඔයිල් මාරු කරනව ඒ ඒකෙ පැවැත්ම වැඩි වෙන්න සහ නඩත්තු කලොත් ඒකෙ ආයු කාලය වැඩි වෙන හින්දනෙ.
ඒවගෙ තමයි clock කියන්නෙත්.
ඒකෙ ආයුකාලය වැඩි කරගන්න නම් නඩත්තු කරන්න ඕන.
මෙහෙමයි හැබැයි නඩත්තු නොකලා කියල ප්‍රශ්නයක් නෑ. ඒත් වෙන එකම දේ ආයෙ ඒක විනාශ වෙන්නෙ repair කරලවත් ධාවන තත්වයට ගන්න බැරි විදිහට. ඕක තමයි එකම ගැටලුව.
Clock එකක් සර්විස් කරන්න කලින් අපිට වෙනව මේකෙ සම්පූර්ණ wind up එක යවාගන්න. ඒකට අපිට let down tool එක පාවිච්චි කරන්න පුළුවන් . නැත්නම් කී එකම පරිස්සමට අතින් අල්ලං ඕක කරන්නත් පුළුවන් හැබැයි පොඩ්ඩ බැරි උනොත් තුවාල වෙන වැඩක්.🤕
Open mainspring නම් mainspring clamp 2 ක් පාවිච්චි කරන්න එක්කො කම්බියකින් ගැට ගහන්න ඕන. බැරල් ඇතුලෙ එන එකක් නම් ඔය ගැටලුව නෑ.
ඊටපස්සෙ කරන්න ඕන movement plate nut ගලවල සම්පූර්ණයෙන් කොටස් ටික විසුරුවා ගන්න එක.
මෙන්න මෙතන තමයි කතන්දරෙ
මේක පිරිසිදු කරන්නෙ මොනවයින්ද?
ඊට කලින් කියන්නම්කො ඔරලෝසු පිත්තල ගැන.
Antique clock movement බොහොමයක් නිර්මාණය කරන්නෙ පිත්තල වලින්. හැබැයි ඔය අපි දන්න සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන පිත්තල වලින් නෙවෙ.
මේවට කියනව horology brass කියල clock brass කියලත් කියනව. ඒකට හේතුව මේ පිත්තල සංයුතිය නිර්මාණය කරන්නෙ ඔරලෝසු වෙනුවෙන්ම තමයි.
ඒ කියන්නෙ ඔරලෝසු නිර්මාණය සඳහාම ලෝකයෙ නිර්මාණය වුන Brass Composition එකක්.
ඊලඟ දේ මේවයෙ gear axel , pinion ඔක්කොම වගෙ hardning කරල zinc coat එකක් ආලෙප කරනව.
ඊලඟට මේ සියලුම පිත්තල කොටස් නැවත ආරක්ශිත brass plating( passivation layer) එකකින් ආවරනය කරල clock shellac වලින් ආරක්ශා කරනව. ( චයින සහ කොරියන් ඒවයෙ නම් එහෙම කරන් නෑ)
මේ හේතුව හින්ද අපිට ඕන ඕන දේවල් දාලා මේක ක්ලීන් කරන්න බෑ. ඩැමේජ් වෙනව මේ ප්ලෙටින් එක.
සාමාන්‍යයෙන් පිත්තල ක්ලීන් කරන්න ලංකාව ඇතුලෙ නොයෙක් විදිහෙ කෙමිකල් පාවිච්චි කරනව. පෙලක්ව අපේම අයගෙ නිශ්පාදන. ඉතින් මේ ඔක්කොම ගැලපෙනව සාමාන්‍ය පිත්තල සඳහා.
ඒත් ඔරලෝසු පිත්තල වලට ඔය එකක්වත් ගැලපෙන්නෙ නෑ.
හේතුව තමයි අර ප්ලේටින් එක දිය උනාම ඔරලෝසුව ඉක්මනින් දිරාපත් වෙනව.
ඔයාල දැකල ඇති සාමාන්‍ය පිත්තල කාලයක් යනකොට අවපැහැ වෙලා කලු වෙනව ඒ කියන්නෙ oxidation වෙලා.
ඒත් ඔරලෝසු යාන්ත්‍රනය අවුරුදු සිය ගානක් ගියත් අර විදිහට ඔක්සයිඩ් නොවි දිලිසෙන්නෙ අර කලින් කිව්ව protective coat එක හින්ද.
දැං ඕක නොදැන ලංකාවෙ අය ක්ලීන් කරනව කියල ඕකට දාන්න තියෙන හැම මගුලම දාලා ඕක අතුල්ලනව.
පෙලක් අය වැලි කඩදාසි වලින් මදිනව. ඉතින් ඉවරයි ආයෙ ගන්න දෙයක් නෑ 😢ඕක ඔයිට කලින් කිව්ව පෝස්ට් එකකින්.
ඔය උඩ ප්ලේට් එක රත්තරං කියල හූරනව ඉතින් මේ රටෙ එවුන්ට ඕක තෙරුම් කරන්නත් බෑ.
විනාකිරි දානව මදිනව.🥵
ගඩොල් කුඩු වලින් අතුල්ලනව.😅
වයර් බ්‍රශ් වලින් මදිනව. වයර් බ්‍රශ් වලින් මදිනව නම් තියෙන අඩුම ගේජ් එකෙ ඔරිජිනල් පිත්තල කෙඳි තියෙන එකකින් soft විදිහට අතුල්ලන්න.
තවත් අය බෆින් පෑඩ් දාල මේක මදිනව ඒ කියන්නෙ පොලිශ් කරනව කන්නාඩිය වෙන්න. එතකොට ඉතින් කෝටින් එක නෙවෙ පිත්තලත් ගෙවිල 😂😂
ආයෙ ඊටපස්සෙ රත්තරං බඩු , රිදි බඩු පිරිසිදු කරන්න ගන්න ඇමෝනියා දාලා මේව ක්ලීන් කරනව පොලිශ් වෙන හින්ද. ඒවට නම් ඇත්තටම ඔය ප්ලෙට් එක දිය වෙලාම යනව. ඇමෝනිය පිත්තල එක්ක ප්‍රතික්‍රියා කරපුවම මේකෙ තියෙන තඹ එලියට එනව. ( සරලවම ප්ලෙට් දිරනව)
ඉතින් ඔය කිව්ව දේවල් කෝක කරත් වෙන්නෙ ඔය ප්ලේට් එක හානි වෙන එක.
ඔය දේවල් ඇත්තටම ගැලපෙනව පිත්තල පහන්, කාසි, විසිතුරු පිත්තල බඩු වලට.
ඕක තේරුම් ගන්න පුළුවන් පොලිශ් හෝ rough clean එකකින් පස්සෙ පිත්තල උඩ ආරක්ශිත ආලේපනය දිය වෙලා ගිහින් පිත්තල පොලිශ් උනාම තියෙන්නෙ වෙනම පිත්තල පැහැයක්.
අර ආරක්ශිත ආලේපය තියෙන හින්ද තමයි කහ පැහැයට හුරු රන්වන් පාටකින් ඕක අපිට පේන්නෙ. ඒක තියෙන තාක් ඔය ඔරලෝසුව ආරක්ශා වෙනව.
ඉතින් clock maker ලත් සෑහෙන ගේමක් දීල ඒ කාලෙ ඕක plate කරන්නෙ. මොකො අද වගෙ තාක්ශනය දියුනු නෑනෙ.
ඉතින් උන් එච්චර කට්ටක් කාලා නිශ්පාදනය කරන එක අපෙ උන් පැය බාගෙන් කෙලවල දානව ආයෙ ඒකෙ ගන්න දෙයක් නෑ 😂
මෙහෙමයි ඉතින් කෙනෙක්ට හිතෙනව නම් ඒ වුනාට ලේසි , දිලිසෙන කොට ලස්සනයි වගෙ කිසි අවුලක් නෑ , ආයෙ ආයෙ ක්ලීන් කරනව කියල . එහෙම ප්‍රශ්නයක් නෑ. දැනගෙනනෙ කරන්නෙ.
ඒත් ඉතින් වෙන හානිය දැනගෙන ඉන්න එක හොඳයිනෙ.
ඒක ඉතින් තමංගෙ කැමත්ත.....
සාමාන්‍යයෙන් හෝරා විද්‍යාව තුල මේවට භාවිතා කරන්නෙ ප්‍රතික්‍රියතාව නැති කෙමිකල් වර්ග. Ammoniated ඒවා නිශ්පාදනය කරනව ලෝකෙ හැබැයි ඒවයෙ special නෝට් දානව brass වල rust remve වෙනව වගේම protective layer එකත් විනාශ වෙනව කියල.
ඒ විදිහට clean කරොත් ඕක චක්‍රයක් වගෙ ආයෙ ආයෙ ඒ අදාල ද්‍රාවනය මගින්ම ක්ලීන් කරන්න ඕන වෙන විසඳුම් නෑ. මොකද පොලිශ් වෙනව ආයෙ කාලෙකින් oxidation වෙනව...
ඒත් Clock cleaning සඳහාම වෙනම නිර්මාණය කරන Non-ammoniated clock cleaner විවිධ brand වලින් ගන්න පුළුවන්. ටිකක් මිල අදිකයි. Ultrasonic clean එකක් හෝ jar එකක දාල විනාඩි 20 ක් වගෙ තිබ්බම ඔටො ක්ලීන්. හැබැයි අන්තිමට ipa liquid එකකින් නැවත හෝදල වේලන්නම ඕන.
හොඳම විසඳුම ලාබෙට කරනව නම් Mild soap + distilled water හැබැයි හොඳ heat air flow එකක් ඕන. නැත්නම් ඇක්සල් මලකඩ බැඳෙනව කාලෙකින්.
එහෙම නැත්නම් ලේසි දේ නැප්තා හෝ කෙරොසීන්.
නැප්තා ඉතින් පොඩ්ඩක් ලංකාවෙ ගන්න අමාරුයි. ඒ හින්ද කෙරොසීන්/ බූමිතෙල් සහ hand cleaning method එක තමයි ගැලපෙනම දේ. හැබැයි ටිකක් වෙලා යනව. මොකද තදේට ග්‍රීස් බැඳුන ඒවා. අපි wood stick වලින් වෙනම හෙමිහිට යවල ආයෙ ආයෙ බූමිතෙල් වලින් හෝදල clean කරන්න ඕන.
ඒත් 100% safe සහ clean.
එක්කො අපිට Isopropyl alcohol පාවිච්චි කරන්න පුළුවන් ඒත් බූමිතෙල් වලට වඩා මිල වැඩි.
ඉතින් කොහොම හරි මේකට හානි නොවී ක්ලීන් කරල සියලු කොටස් හොඳට වේලෙන්න තියන්න ඕන( heat air).
ඊට පස්සෙ අපි බලන්න ඕන repair මොනව හරි තියෙද කියල.
Worn pivot hole,
damage pivot,
polish pivot,
බුශ් ගහන්න ඕන.
Oil ring clean කරන්න ඕන. ඕව තමයි කරන්න ඕන repair. කාලයත් එක්ක ඔරලෝසුවක එන repair ටික ඕව. ලංකාවෙ ඔරලෝසු වල repair එන්නෙ ඕව නෙවෙ. ඒ ගැන වෙන පෝස්ට් එකකින් කියන්නම්.
ඔය ටිකත් හරි නම් කරන්න තියෙන්නෙ movement එක fit කරල ඉඳිකටු තුඩකින් oil කරන එක. සාමාන්‍ය මහන මැශින් තෙල් දාන්න පුළුවන් . හැබැයි මේ ලංකාවෙ එක නම් පොඩ්ඩක් quality මදි. ඉක්මනින් කලු වෙනව. වෙන බ්‍රෑන්ඩ් එකක Silicon sewing machine oil හො mobil jet oil ටිකක් ගන්න පුළුවන් නම් හොඳයි ( ඔන්ලයින් මිලදි ගන්න එක ලේසි ලංකාවෙ හොයනවට වඩා) බේසිකලි අමාරු ටිකකට තියෙන්නෙ ඔච්චරයි.
කොහොම හරි service එකකින් වෙන්නෙ ඔය ටික. ලංකාවෙ repair කරපු ඔරලෝසුවක් සහ වෙනත් රටක ඔරලෝසුවක් ගත්තොත්. ලංකාවෙ එක අඳුරගන්න ලේසි. මොකද පෙනුමෙන්ම කියන්න පුළුවන්. ඕක හින්ද තමයි අපි e bay එකෙන් clock එකක් ගෙන්න ගත්තත් ඒව මුල් කාලීන ස්වරූපයෙන් තියෙන්න හේතුව.
ලංකාවෙ ඒව කලු වෙලා ඩැමේජ් වෙලා තියෙන්නෙ repair වල අවුල.
නැතුව ලංකාවට වෙනම quality අඩු clock movement නිර්මාණය කරල නෑ.
Repair ගැන මං වෙන දවසක කියන්නම්.
පහල පොටො තියෙන්නෙ cleaning වලින් වෙන පෙනුම