05/11/2025
ලක්දිව මැණික් පුරානය 🔥
"රත්න-දීප" යන නාමයෙන් ප්‍රසිද්ධව සිටි එදා මේ කුඩා දිවයින විටෙකදී ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වනු ලබන්නේය, ලෝක මැණික් වෙළඳාමේ මාර්මස්තානයක් ලෙස ක්‍රි.පූ. යුගයේ සිටම එහි අනන්‍යතාවය ස්ථාපිත කර තුබූ හෙයින්. මෙම කථාව තවදුරටත් තහවුරු වන්නේ පුරාවිද්‍යාත්මකව හෙළිවූ නටබුන් සහ ග්‍රීක-රෝම, අරාබි, චීන සංචාරකයන්ගේ ලේඛනික වාර්තා යන දෙකෙහිම සංයෝජනයෙනි.
"රත්න-දීප" යන නාමය අපට ලැබුනේ...
ලංකාව පිළිබඳ පුරාතන ලෝකයේ තිබූ අධික උනන්දුව මෙහි මැණික් සම්පත් හේතුවෙන්ම ඇති වන්නට ඇතැයි සිතිය හැක.එහි මූලික මූලාශ්‍ර මෙසේ දැකවීමට පුලුවනි.
• ග්‍රීක-රෝම මූලාශ්‍ර: ක්‍රි.පූ. 4වන සියවසේදී මෙගස්තීනස්, 'ටැප්‍රොබේන්' (Taprobane) නමින් දූපතක් ඇති බවත් එහි ප්‍රසිද්ධ මැණික් සහ මුතු ඇති බවටත් සදහන් කර ඇත. එමෙන්ම ප්ලිනි සහ ටොලමි වැනි රචකයන් ලියූ“The Periplus of the Erythraean Sea”, (ක්‍රි.ව. 1වන සියවස) වෙළඳ මාර්ගෝපදේශයේ ද මැණික් සහ මුතු,වෙළදාම මෙටරට වෙරළබඩ වරායන් හරහා සිදු වූ බවත් පැහැදිලිවම විස්තර කරයි.
• මධ්‍යකාලීන සංචාරකයන්: 13වන සියවසේ මාර්කෝ පෝලෝ සිය දේශාටන සටහන් වාර්තා වල දක්වා ඇත්තේ, සෙයිලන් නම් දූපතහි ලෝකයේ අලංකාර නිල් මැණික්, පද්මරාග සහ අමෙතිස් වැනි මැණික් ඇති බවයි. 14වන සියවසේ ඉබන් බතූතා නම් අරාබි සංචාරකයන් ද මේ දූපතේ මැණික් සම්පත් සහ ඒ සඳහා තිබූ දේශීය අභිරුචිය පිළිබඳව විස්තර ලියා දක්වා ඇත.
මෙම ලේඛන පිරික්සීමේදී පිලිබිබු වෙන්නෙ , කාලයක් තිස්සේ ලංකාව ලෝකයම හඳුන්වා දී ඇත්තේ "රත්න දීප" නම් වූ නාමයෙනි.
වෙළඳාමේ නිහතමානී සාක්ශිකාරයෙක්......
ලේඛනවල සඳහන් වෙළඳාමේ භෞතික සාක්ෂි පුරාවිද්‍යාත්මක සාක්ශි වලින් ස්තාපිත කිරීමට අපට හැකි වන්නෙ මන්තෛ (මන්තෛ/මන්තායි) සහ ගොඩාවය වැනි පුරාතන වරායන් තුලින් හමුවු සාක්ශි මතිනි
• මන්තෛ වරාය (Mantai): අනුරාධපුර රාජධානියේ ප්‍රධාන වරායක් වූ අතර මෙය, “silk Road” හි එසේත් නැතිනම් සේද මාවත හි මහා සාගරික වෙළද මධ්‍යස්ථානයක්ද වන්නට විය. 1980 දශකයේ සිදු කරන ලද කැණීම්වලින් හෙළි වී ඇත්තේ මෙහි ක්‍රි.පූ. 2වන සියවසේ සිට ක්‍රි.ව. 13වන සියවස දක්වා මහා පරිමාන වෙළඳ ක්‍රියාකාරකම් සිදු වී ඇති බවයි.ඒ සදහා කැනීම් තුලින් හමුවූ මැණික් සහ විදේශ භණ්ඩ එයට කදිම සාක්ශි සපයනු ලබන්නේය.
o මැණික් සහ අමුද්‍රව්‍ය: මැණික් බීඩීස් (Gem Beads), කැපීමට සූදානම් නොවූ රලු මැණික් (Rough gems))
o විදේශීය භාණ්ඩ: රෝම, චීන සහ ඉන්දීය මැටි භාණ්ඩ, රෝම කාසි, සහ විවිධ වස්තූන්. මෙය ලංකාව ගෝලීය වෙළඳ ජාලයට බැදී තිබූ බවට සාක්ෂි.
මෙම වරායෙන් හමු වූ මැණික් බීඩ්ස් සහ අමු මැණික්, ශ්‍රී ලංකාව අමු සහ අර්ධ-කාචිත මැණික් නිෂ්පාදනය කිරීමේ හා අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වූ බවට පුරාවිද්‍යාත්මක තර්කයක්ද ගොඩ නැගිය හැකිය.
භූගෝලීය හා සම්ප්‍රදායික පසුබිම: මැණික් උපන් භූමියෙහි.........
මෙම වෙළඳාමට හේතුව ලංකාවේ භූගෝලීය සැලැස්මත් හේතු වන්නට ඇතැයි අපට පෙනී යන්නෙ රටෙහි නිරිතදිග ප්‍රදේශය එනම් (රත්නපුර දිස්ත්‍රික්කය - නැතිනම් සබරගමුව පලාත ) මෙහි මූලිකවම මැණික් පිහිටා ඇත්තෙ ඇලුවියල් (Alluvial deposits) ආකාරයෙනි. මෙයට මූලික හේතුව වන්නෙ මෙහි පවතින ගංගා පද්ධතියයි, සියවස් ගණනාවක් තිස්සේ මැණික් මෙම ගංගා ඔස්සෙ පැමිණ පොලොවෙහි තැන්පත්ව ඇත. එහෙඉන් ගංගා වලින් හමුවන මැනික් වල මූලික ස්ඵටික හැඩය නොමැති අතර ඒ වෙනුවට රවුම් හෝ බෝලා හැඩයෙන් යුක්ත මැණික් දක්නට පුලුවනි.
රාජධානි, ආර්ථිකය සහ සංස්කෘතික හුවමාරු.......
අනුරාධපුර සහ පොළොන්නරුව යුගවල දී, මන්තෛ වරාය ජීවමාන වූයේ රාජධානික ආර්ථිකයේ හා බලයේ මූලාශ්‍රයක් ලෙසයි. මැණික් (නිල් මැණික්, ගර්නට්), මුතු, සහ වෙනත් භාණ්ඩ අපනයනය කිරීමෙන් ලැබුණු ආදායම, රාජධානිවල විශාල ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍යය සපයන්නට ඇතයි සිතන්නටද පුලුවනි. මෙම වෙළඳාම හරහා සංස්කෘතික හා තාක්ෂණික හුවමාරුවක් ද සිදු වන්නට ඇතැයි විශ්වාස කල හැකිය.
පුරාතන ගෝලීයකරණයේ මධ්‍යස්ථානයක් වූ රත්න දීපය.....
භූගත ඇලුවියල් මැණික් නිදි සහිත කලාපයත් , වෙරළබඩ වරායන් හරහාත් ගොඩනඟා ගත් සම්බන්ධතා, සහ ග්‍රීක-රෝම, අරාබි සහ චීන ලේඛන වල සාක්ෂිත් යන ත්‍රිත්වයේම එකතුවත් හමුවේ, ශ්‍රී ලංකාව පුරාතන ලෝකයේ බහු-දිශා වෙළඳ ජාලයක පදනම්ගත රාජ්‍යයක් ලෙස ඉස්මතු වන්නට විය. මන්තෛ සහ ගොඩාවය වැනි ස්ථානවල පුරාවිද්‍යාත්මක සාක්ෂිත් (නෞකා නශ්ටවශේෂ, වෙළඳ භාණ්ඩ) මෙම කථාව තවදුරටත් තහවුරු කරන්නෙය: එනයින් "රත්න-දීප" යන නාමය මෙරටට කෙපමණ ගැලපෙන නමක් වූයේද යන්න මෙයින් තවදුරටත් ස්තාපනය වන්නෙය.